ජනවාරි 15, 2025
tami eng youtube  twitter facebook

    ඇලහැර සතිපොළ ජනතා අයිතියට

    මාර්තු 01, 2015
    ඇලහැර ප‍්‍රාදේශීය සභාවෙන් වැඩ නිමකර වෙළෙඳුන් 600ක් සඳහා පහසුකම් සහිත ව රුපියල් ලක්‍ෂ 237ක වියදමින් ඉදිකරන ලද ඇලහැර සතිපොළ පසුගියදා උතුරු මැද පළාත් ප‍්‍රධාන අමාත්‍ය පේෂල ජයරත්න බණ්ඩාර මහතාගේ ප්‍රධානත්වයෙන් ජනතා අයිතියට පවරනු ලැබීය.
     
    එවකට සෞඛ්‍ය අමාත්‍යවරයා වශයෙන් සිටි වත්මන් ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතා විසින් සතිපොළ ඉදිකිරීම සඳහා මූල්‍ය ප‍්‍රතිපාදන සපයනු ලැබූ අතර පොලොන්නරුව දිස්ත‍්‍රික්කයේ ඇති විශාලතම සතිපොළ මෙය වේ. මෙමඟින් ඇලහැර ප‍්‍රාදේශීය සභා බල ප‍්‍රදේශයේ ගම්මාන 50කට පමණ සෙත සැලසෙනු ඇත.
     
    මෙහිදී අදහස් දැක්වූ ප‍්‍රධාන අමාත්‍යවරයා, මෙම සතිපොළ ආරම්භ කිරීම තුළින් ප‍්‍රදේශයේ ජනතවාගේ ගොවි නිෂ්පාදන මිලට ගැනීමේ මධ්‍යස්ථානයක් බවට පත්විය යුතු බව ද නුවරඑළිය නිෂ්පාදන දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානය හරහා මෙම සතිපොළ තුළ විකිණීම සිදුවුවහොත් එයින් අප බලාපොරාත්තු වන දෑ සිදුවන්නේ නැහැ. ප‍්‍රදේශයේ ජනතාවගේ ආර්ථික සංවර්ධනය සිදු කිරීමයි අපේ බලාපොරොත්තුව.
     
    අද අපේ වී නිෂ්පාදනය සඳහා වියදම වැඩියි. ඉන්දියාවෙන්, තායිලන්තයෙන්, වියට්නාමයෙන් වැනි රටවල නිෂ්පාදන වියදම අඩුයි. ඒ නිසයි ඔවුන් අපට ඔවුන්ගේ හාල් අඩු මිලට ලබාදෙනු ලබන්නේ. අපේ රටේ එදා අතීතයේ නිෂ්පාදනය කළ ආකාරයට අපේ නිෂ්පාදන ඇති කාලෙට අඩු මිලට සහල් ලබා දෙන්න පුළුවන්. එවිට අපේ ගොවියන්ගේ ආර්ථිකය ශක්තිමත් වන බව ද සඳහන් කළේය.
     
    මෙම අවස්ථාවට ඇලහැර ප‍්‍රාදේශීය සභා සභාපති අමරවංශ මොහොට්ටිගේ, ඉපලෝගම ප‍්‍රදේශීය සභා සභාපති නිහාල් තිලකවර්ධන මහතා ඇතුළු ප‍්‍රාදේශීය දේශපාලඥයෝ හා නිලධාරීහු පිරිසක් සහභාගී වූහ.
     
    NDH

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya