ජනවාරි 15, 2025
tami eng youtube  twitter facebook

    ආරක්ෂක ලේකම්තුමා සඳහිරු සෑ පූජා භූමියේ නිරීක්ෂණ චාරිකාවක

    පෙබරවාරි 27, 2015

    ආරක්ෂක ලේකම් බී.එම්.යූ.ඩී. බස්නායක මහතා අද (27) ජීවිත පූජාවෙන් සිය මාතෘ භූමිය රුදුරු ත්‍රස්තවාදයෙන් බේරාගන්නා ලද රණ විරුවන්ට කෘතගුණ සැලකීම පිණිස අනුරාධපුරයේ ඉදිකරනු ලබන සඳහිරු සෑ පූජා භූමියේ නිරීක්ෂණ චාරිකාවක නිරත විය.


    මෙහිදී මෙම පූජා භූමිය භාරව කටයුතු කරන ශ්‍රී ලංකා ඉංජිනේරු රෙජිමේන්තුවේ ලුතිතන් කර්නල් මොහාන් කුමාර මහතා විසින් මෙම චෛත්‍යයේ මෙතෙක් කරගෙන ආ වැඩ කටයුතු පිළිබඳ ව ආරක්ෂක ලේකම්වරයා දැනුවත් කරන ලදී. ඉන් අනතුරුව මෙම චෛත්‍ය ඉදිකිරීමේ ආරම්භයේ සිට මේ දක්වා සිදු කරන ලද කාර්යයන් පිළිබඳ ව හා ඒ සඳහා අවශ්‍ය ද්‍රව්‍ය සපයාගන්නා ලද ආකාරය පිළිබඳ ව කරන ලද ඉදිරිපත් කිරීමකට ද බස්නායක මහතා සහභාගී විය.

     

    මෙම ඉදිකිරීම්වල ඉදිරි කටයුතු පිළිබඳ ව අදාළ නිලධාරීන් හා ආරක්ෂක ලේකම්තුමා අතර සාකච්ඡාවක් පැවැත්වුණ අතර එහිදී ආරක්ෂක ලේකම්වරයා විසින් නිලධාරීනට අවශ්‍ය උපදෙස් ලබා දීම සිදු කරන ලදී.

    මෙම අවස්ථාව සඳහා බස්නායක මහත්මිය, වන්නි ආරක්ෂක සේනා ආඥාපති මේජර් ජෙනරාල් බොනිෆස් පෙරේරා, 21 සේනාංකාධිපති මේජර් ජෙනරාල් පී.යූ.එස්. විතානගේ, 212 බලසේනාධිපති බ්‍රිගේඩියර් ශාන්ත හේවාවිතාරණ, ආරක්ෂක අමාත්‍යාංශයේ නියෝජ්‍ය හමුදා සම්බන්ධීකරණ නිලධාරී බ්‍රිගේඩියර් අරුණ ආරියසිංහ හා අණදෙන නිලධාරී ඉංජිනේරු සේවා රෙජිමේන්තුව ලුතිතන් කර්නල් මොහාන් කුමාර යන මහත්වරු ද සහභාගී වූහ.

    මෙම නිරීක්ෂණ චාරිකාව සිදු කිරීමට ප්‍රථම ආරක්ෂක ලේකම්තුමා ඇතුළු පිරිස ජය ශ්‍රී මහා බෝධීන් වහන්සේ වෙත ගොස් මල් පහන් හා පිරිකර පූජා කර සිය ඉදිරි කටයුතු සඳහා උන් වහන්සේගේ ආශීර්වාදය ලබා ගැනීම ද සිදු කළහ.

    NDH/mod

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya