ජනවාරි 13, 2025
tami eng youtube  twitter facebook

    රත්මලාන ගුවන් තොටුපොල සිවිල් මගීන් ප්‍රවාහනයට

    මාර්තු 04, 2015
    සිවිල් මගී ප්‍රවාහනය සඳහා රත්මලාන ගුවන් තොටුපොල භාවිතා කිරීමට රජය සිය අවධානය යොමු කර ඇති බව වරාය, නාවික හා ගුවන් සේවා අමාත්‍ය අර්ජුන රණතුංග මහතා පවසයි.
     
    අමාත්‍යවරයා ඊයේ (03) රත්මලාන ගුවන් තොටුපොල නිරීක්ෂණ චාරිකාවක සහභාගී වීමෙන් අනතුරුව මාධ්‍ය අමතා මේ බව පැවසීය.
     
     
    ගුවන් හමුදාව විසින් ප්‍රධාන වශයෙන් ආරක්ෂක කටයුතු සඳහා පමණක් රත්මලාන ගුවන් තොටුපොල භාවිතා කරනු ලැබේ.
     
     
    ජාතික ආරක්ෂාව සම්බන්ධ කටයුතු සඳහා දැනට ගුවන් තොටුපොලක අවශ්‍යතාවයක් පැන නොනගින බැවින් රජය විසින් ගෘහස්ථ මගී ප්‍රවාහනයට මෙම රත්මලාන ගුවන් තොටුපොල යොදා ගැනීම පිළිබඳව සාකච්ඡාවට ලක් කර ඇති බව අමාත්‍යවරයා එහිදී කියා සිටියේය.
     
     
    මේ යටතේ, ගුවනින් උතුරු හා නැගෙනහිර, දකුණු හා දිවයිනේ වෙනත් සංචාරක ගමනාන්තයන් වෙත ගුවන් ගමන් ක්‍රියාත්මක කිරීමට හැකියාව ලැබෙනු ඇත.
     
     
    දැනටමත් සංචාරක ගමනාන්ත කරා ගුවන් ගමන් පැවැත්වීමට සාකච්ඡා කර තිබෙන බවත් ජාතික ආරක්ෂාව සම්බන්ධව අනෙකුත් සියලු කටයුතුවලට වඩා ප්‍රමුඛත්වය අනිවාර්යයෙන්ම ලබා දෙන බවත් අමාත්‍යවරයා සඳහන් කළේය.
     
     
    කොස්මොස් ගුවන් සේවා සමාගම ගුවන් නියමු පුහුණු හා පියාසැරි පාසල් පැවැත්වීමට රත්මලාන ගුවන් තොටුපොල භාවිතා කිරීම නිසා රුපියල් මිලියන 24ක හිඟ මුදලක් ඇති බවත් එම සමාගමෙන් එම හිඟ මුදල අයකර ගැනීමට අමාත්‍යංශය විසින් පියවර ගන්නා බවත් අමාත්‍යවරයා මෙහිදී පවසා සිටියේය.
     
     
    එම සමාගමට මෙම කර්තව්‍යන් සඳහා තවදුරටත් රත්මලාන ගුවන් තොටුපොලේ පහසුකම් ලබා දෙනවා දැයි අමාත්‍යංශය තීරණය කරනු ඇත.
     
    SDF

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya