ජනවාරි 12, 2025
tami eng youtube  twitter facebook

    ශ‍්‍රී ලංකා වෘත්තීය පුහුණු අධිකාරියේ නව සභාපති නිමල් බෝපගේ වැඩ භාරගනී

    මාර්තු 04, 2015
    ශ‍්‍රී ලංකා වෘත්තීය පුහුණු අධිකාරියේ නව සභාපතිවරයා ලෙස නීතිඥ නිමල් බෝපගේ මහතා අද (04) කොළඹ, නාරාහේන්පිට ‘‘නිපුණතා පියසේ’’ පිහිටි එම ආයතනයේදී රාජකාරී ආරම්භ කළේය.
     
    උසස් අධ්‍යාපන අමාත්‍යාංශය යටතේ ඇති මෙම ආයතනය සඳහා ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මැතිතුමාගේ සහ අග‍්‍රාමාත්‍ය රනිල් වික‍්‍රමසිංහ මහතාගේ නිර්දේශය මත උසස් අධ්‍යාපන අමාත්‍ය කබීර් හෂීම් මහතා විසින් මෙම පත්කිරීම සිදුකරන ලදී. 
     
     
    කොළඹ විශ්ව විද්‍යාලයේ නීතිවේදී උපාධිධාරියෙකු වන නිමල් බෝපගේ මහතා, කළමණාකරණය, ගණකාධිකරණය හා පරිපාලනය පිළිබඳ පශ්චාත් අධ්‍යාපනය ද සම්පූර්ණ කර තිබේ. ශ‍්‍රී ලංකා පරිපාලන සේවයට ඇතුළත් වූ ඒ මහතා දිවයිනේ ප‍්‍රදේශ කීපයකම ප‍්‍රාදේශීය ලේකම්වරයෙකු ලෙස සේවය කර තිබේ. දේශපාලන හේතූන් මත ශ‍්‍රී ලංකා පරිපාලන සේවයෙන් ඉල්ලා අස්වූ ප‍්‍රථම පරිපාලන සේවා නිලධාරියා ද ඒ මහතාය. 
     
     
    ඒ මහතා ශ‍්‍රී ලංකා රූපවාහිනි සංස්ථාවේ ක‍්‍රියාකාරී අධ්‍යක්ෂ, ජාතික ආධුනිකත්ව සහ කාර්මික පුහුණු කිරීමේ අධිකාරියේ උප සභාපති, ජාතික මානව සම්පත් සංවර්ධන සභාවේ සභාපති ආදී තනතුරු ගණනාවක්ම හොබවා තිබේ.
     
     
    විශ්ව විද්‍යාල ශිෂ්‍යයෙකු ලෙස වාමාංශික ව්‍යාපාරය හරහා දේශපාලනයට පිවිසි නිමල් බෝපගේ මහතා අසූව දශකයේ අග භාගයේ කොළඹ විශ්ව විද්‍යාලය කේන්ද්‍ර කරගනිමින් ක‍්‍රියාත්මක වූ ස්වාධීන ශිෂ්‍ය සංගමයේ ප‍්‍රබල ක‍්‍රියාකාරීයෙකු ද විය. 
     
     
    ශ‍්‍රී ලංකා වෘත්තීය පුහුණු අධිකාරියේ අධ්‍යක්ෂ ජනරාල් චූලාංගනී පෙරේරා මහත්මිය ඇතුළු අධිකාරියේ නිලධාරීහු පිරිසක් මෙම අවස්ථාවට එක්වූහ.
     
    SDF

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya