ජනවාරි 11, 2025
tami eng youtube  twitter facebook

    තලෙයි මන්නාරම දක්වා දුම්රිය මාර්ගය ඉන්දීය අගමැති ප්‍රධානත්වයෙන් විවෘත කෙරේ

    මාර්තු 09, 2015
    ඉන්දීය රජයේ ආධාර යටතේ ප්‍රතිසංස්කරණය කළ මැදවච්චිය සිට තලෙයි මන්නාරම දක්‌වා වූ දුම්රිය මාර්ගය ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතාගේ ප්‍රධානත්වයෙන් 13 දා ජනතා අයිතියට පත් කිරීමට නියමිතය. 
     
    උතුරු දුම්රිය මාර්ගයේ අනුරාධපුරය පසුකළ විට සැතපුම් 15ක්‌ දුරින් හමුවන මංසන්ධියක් වන මැදවච්චිය දුම්රිය ස්ථානයෙන් වමට හැරී තලෙයි මන්නාරම දක්වා මෙම දුම්රිය මාර්ගය ගමන් කරයි. මැදවච්චියේ සිට තලෙයි මන්නාරමට දුර කිලෝ මීටර් 106කි.
     
    එල්. ටී. ටී. ඊ. ත්‍රස්තවාදීන් බෝම්බ තබා තල්අඩි පාලම පුපුරවා හැරීමෙන් පසුව තලෙයි මන්නාරම දක්‌වා වූ දුම්රිය ධාවන කටයුතු  නතර විණි. 
     
    තලෙයි මන්නාරම දක්වා ඉදිකිරීම් අවසන්වීමෙන් පසු මේ දුම්රිය මාර්ගයේ පැයට කි.මී. 120ක වේගයෙන් දුම්රිය ගමන් කිරීමට සැලසුම් කර ඇත. නව තාක්‌ෂණික දුම්රිය සංඥා හා මෙහෙයුම් පද්ධතියක්‌ ස්ථාපිත කොට ඇත. 
     
    ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාගේ ආරාධනයක් අනුව දෙ දින නිල සංචාරයක් සඳහා ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතා ලබන 13 සහ 14 දිනවලදී ශ්‍රී ලංකාවේ නිල සංචාරයක නිරතවීමට නියමිතය. 
     
    වසර 25කට පසුව ඉන්දීය අගමැතිවරයෙක් ද්වීපාර්ශවික සාකච්ඡා සඳහා මෙරට සංචාරය කරනු ලබන පළමු අවස්ථාව මෙය වේ.
     
    DB

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya