ජනවාරි 11, 2025
tami eng youtube  twitter facebook

    එක්සත් රාජධානියට ශ්‍රී ලංකා අපනයනය 36% කින් කැපී පෙනෙන වර්ධනයක්

    මාර්තු 09, 2015

    2014 වසරේ දී එක්සත් රාජධානියට ශ්‍රී ලංකා අපනයනය 36% ක කැපී පෙනෙන වර්ධනයක් පෙන්නුම් කළ බව ශ්‍රී ලංකාවේ බ්‍රිතාන්‍ය මහ කොමසාරිස් ජෝන් රැන්කින් මහතා ප්‍රකාශ කළේය.

     

    එම වසරේ දී එක්සත් රාජධානියට ශ්‍රී ලංකා අපනයනය පවුම් බිලියන 1,158 ක වටිනාකමක් ලෙස සටහන් වූ බවත් යුරෝපය ශ්‍රී ලංකාවේ අපනයන කර්මාන්තයේ හොඳම ගමනාන්තයක් ලෙස, එක්සත් රාජධානිය තහවුරු කර ඇති බවත් ඒ මහතා පැහැදිලි කළේය.

     

    2014 දී ශ්‍රී ලංකාව බ්‍රිතාන්‍යට සිදු කළ මුළු අපනයනයෙන් 74% ක් වන ඇඟලුම් සහ රෙදිපිළි උපාංගවල වටිනාකම පවුම් බිලියන 865 ක් වූ අතර එය පෙර වසරට සාපේක්ෂව 34% ක වර්ධනයක් පෙන්නුම් කරයි.

     

    මෙම අපනයන වර්ධනය පිළිබඳව සතුට ප්‍රකාශ කළ මහ කොමසාරිස්වරයා ශ්‍රී ලංකා වෙළෙඳපොළ තුළ බ්‍රිතාන්‍ය සමාගම් සඳහා ව්‍යාපාරික අවස්ථා අඛණ්ඩව පවතින බවත් වැඩිදුරටත් සඳහන් කළේය.

     

    SDF

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya