ජනවාරි 11, 2025
tami eng youtube  twitter facebook

    ටෙස්ට් තරගාවලියෙන් පකිස්තානයට ජය

    ජූලි 08, 2015

    ශ්‍රී ලංකාව සමඟ පැවැති තෙවැනි ටෙස්ට් තරගයෙන් කඩුලු 7ක ජයක් ලබා ගැනීමට පකිස්තානු පිල ඊයේ (07) සමත් විය. මහනුවර පල්ලෙකැලේ ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ දී පැවති මෙම තරගය ජයග්‍රහණය කරමින් 2ට 1ක් ලෙස සමස්ත ටෙස්ට් තරගාවලිය ජය ගැනීමට පකිස්තානු කණ්ඩායම සමත් විය.

     

    ඊයේ දිනය සඳහා තරගය ආරම්භ කරන විට පකිස්තාන කණ්ඩායම කඩුලු 2ක් දැවී ලකුණු 230ක් රැස් කර ගෙන සිටියේ ය. ඊයේ දිනයේ නොදැවී පන්දුවට පහර දුන් යුනෙස් ඛාන් ලකුණු 101 ක් රැස් කර ගෙන සිටි අතර, ෂාන් මසූඩ් රැස් කර ගෙන සිටි ලකුණූ සංඛ්‍යාව 114 කි. පකිස්තාන ඉනිමේ 3 වන කඩුල්ල ලෙස විශිෂ්ට ඉනිමක් ක්‍රිඩා කළ ෂාන් මසූඩ් ලකුණු 125කට දැවී ගියේ ය. ඔවුන් දෙදෙනා 3 වන කඩුල්ල සඳහා ලකුණු 242ක සබඳතාවයක් ගොඩනැගූහ. අනගි ඉනිමක් ක්‍රිඩා කළ යුනෙස් ඛාන් නොදැවී රැස් කළ ලකුණු සංඛ්‍යාව 171කි. නායක මිස්බා උල් හක් නොදැවී ලකුනු 59ක් රැස් කළේ ය.

     

    ඒ අනුව දෙවන ඉනිම ක්‍රීඩා කළ ශ්‍රී ලංකාව සියලුදෙනා දැවී ලකුණු 313ක් රැස් කළ අතර පකිස්ථානයට ඒ අනුව තරඟය ජය ගැනීමට ලැබුණු ඉලක්කය ලකුණු 377කි. එම ඉලක්කය කඩුලු 3ක් පමණක් දැවී ලබා ගැනීමට පකිස්තානය සමත් විය.

     

    මෙම තරගයේ පළමු ඉනිම ක්‍රීඩා කළ ශ්‍රී ලංකාව කඩුළු 10ක් දැවී ලකුණු 278ක් ලබා ජයග්‍රහණය හිමි කරගත්තේ පකිස්තානය පළමු ඉනිමට ලකුණු 215ක් රැස් කරමිනි.

     

    පකිස්ථානු ඉනිමේ ජයග්‍රහණය වෙනුවෙන් තෙවැනි කඩුල්ලට යුනිස් ඛාන් හා ෂාන් මෂූඩ් ලකුණු 242ක සබඳතාවක් ගොඩනැඟු අතර යුනිස් ඛාන් නොදැවී ලකුණු 171ක් ලබා ගත් අතර මෂූඩ් ලකුණු 125ට දැවී ගියේය.

     

    SDF

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya