ජනවාරි 11, 2025
tami eng youtube  twitter facebook

    වලව සුපර්ක්‍රොස් සැප්. 13 වෙනිදා

    සැප්තැම්බර් 05, 2015

    ශ්‍රී ලංකා යුද හමුදාවේ විදුලි හා යාන්ති‍්‍රක ඉංජිනේරු රෙජිමේන්තුව, ශ්‍රී ලංකා යතුරුපැදි සංගමය සමග එක්ව පස්වැනි වරටත් සංවිධානය කරනු ලබන වලව සුපර්ක්‍රොස් මෝටර් රථ සහ යතුරුපැදි තරගාවලිය සැප්තැම්බර් 13 වැනිදා පෙරවරු 9.00 සිට උඩවලව ජාතික වන උද්‍යනය අසල පිහිටි සෙවනගල යුද හමුදා ධාවන පථයේදී පැවැත්වේ.


    ඉසව් 25 කින් සමන්විත වන මෙම තරගාවලියට මෝටර් රථ තරග ඉසව් 11 ක් සහ යතුරුපැදි ඉසව් 14 ක් ඇතුළත්වේ. දිවයිනේ ප‍්‍රමුඛ පෙළේ මෝටර රථ රියැදුරන් සහ යතුරුපැදිකරුවන්ද සමගින් තරගකරුවන් 200 කට ආසන්න සංඛ්‍යාවන් මෙම තරගාවලියට සහභාගී වීමට නියමිතය.

     


    යුද්ධයේදී ජීවිත අහිමි වූ සහ ආබාධිත තත්ත්වයට පත් වූ රණවිරුවන්ගේ පවුල් වල සහ  විදුලි හා යාන්ති‍්‍රක ඉංජිනේරු රෙජිමේන්තුවේ දැනට සේවය කරන රණවිරුවන්ගේ සුභසාධන කටයුතු සඳහා ප‍්‍රතිපාදන එක්රැුස් කිරීම මෙම තරගාවලිය සංවිධානය කිරීමේ ප‍්‍රධාන අරමුණයි.

     

    පාපැදි තරග සම්බන්ධව වැඩි දුර විස්තර 071x8204242 යන දුරකතන අංකය ඔස්සේ මේජර් ඞී. එම්. එස්. බණ්ඩාර මහතා ඇමතීමෙන් දැනගත හැකිය.

     


    තරගාවලියේ ප‍්‍රධාන අනුග‍්‍රාහකයා ලෙස කෝස්වේ පේන්ට්ස් සමාගම කටයුතු කරන අතර  අතර සම අනුග‍්‍රහකයන් ලෙස සියැට්, ඞීමෝ සහ සිලොන් කෝල්ඞ් ස්ටෝර්ස් යන ආයතන සහ සමාගම් කටයුතු කරති.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya