සිය තනතුරෙහි වැඩ භාරගැනීමෙන් අනතුරුව ඉදිරි වැඩ පිළිවෙල පිළිබඳ අදහස් දැක්වු අමාත්‍යවරයා " ඉදිරි වසර 2 ක තුලදී ක්‍රමවත් වැඩ පිළිවෙලක් යටතේ ක්‍රියාත්මක වීමට බලාපොරොත්තු වන බවද නිවැරදිව වැඩ කරන ඕනෑම කෙනෙක් සමඟ එක්ව වැඩ කිරීමට සුදානම් බවද පැවසීය.
එමෙන්ම ජාතික ක්‍රීඩා ප්‍රතිපත්තිය මේ වසර 2 ක තුල එළි දැක්වීමට කටයුතු කරන බවත් අන්තර්ජාතික සංගම් වලින් එල්ලවී ඇති ප්‍රශ්න නිරාකරණය කර ගැනීමට කටයුතු කරන බවද වැඩි දුරටත් පැවසීය. තවද ප්‍රාදේශිය හා ජාතික මට්ටමේ ඇති ක්‍රීඩා ජාත්‍යන්තර මට්ටම දක්වා ගෙන ඒමට කටයුතු කරන බවත් පැවසීය.
විවිධ ක්‍රිඩා සංගම්වල ප්‍රශ්න හා අර්බුද පිළිබඳ තොරතුරු ලබා ගැනීම සදහා වෙනම Mail Box එකක් ඇති කිරීමටත්, මාධ්‍යවේදීන්ට ඇතිවන ගැටළු වලට විසදුම් ලබා දීමට අවශ්‍ය පියවර ගන්නා බවත් මාධ්‍යවේදීන් ට කිසිදු කෙනෙකුගෙන් බලපෑම් සිදු නොවිය යුතු බවත් මාධ්යවේදීන්අමතමින් අමාත්‍යවරයා පැවසීය.
AP