ජනවාරි 11, 2025
tami eng youtube  twitter facebook

    ශ්‍රී ලංකා යුද හමුදාවට ක්‍රීඩා ජයග්‍රහණ රැසක්

    ඔක්තෝබර් 21, 2015
    පසුගියදා පැවති දේශීය සහ විදේශීය ක්‍රීඩා තරගාවලිවලට සහභාගි වූ ශ්‍රී ලංකා යුද හමුදා ක්‍රීඩා කණ්ඩායම් ජයග්‍රහණ රැසක් හිමිකර ගැනීමට සමත්ව ඇත.
     
    පසුගියදා ඉන්දියාවේ නව දිල්ලි නුවර පැවති පොදුරාජ්‍ය මණ්ඩලීය කරාතේ ශුරතා තරගාවලියේ දී කිලෝග්‍රෑම් 84 බර පංතියේ ලෝකඩ පදක්කම දිනාගැනීමට ශ්‍රී ලංකා යුද හමුදාවේ ගැමුණු හේවා බලකායේ ලාන්ස් කෝප්‍රල් ඩබ්.කේ.එම්.සී.වීරසේකර සමත්විය.
     
    එසේම පසුගියදා දක්වා දකුණු කොරියාවේ මුන්චියන් නගරයේ පැවති 6 වැනි ලෝක ආරක්‍ෂක ක්‍රීඩා තරගාවලියේ දී ශ්‍රී ලංකා යුද හමුදාව නියෝජනය කරමින් සහභාගි වූ කණ්ඩායම ලෝකඩ පදක්කම් දෙකක් දිනා ගැනීමට සමත්ව තිබේ.
     
    යුද හමුදා ආරංචි මාර්ග අනුව මීටර් 100 x 4 සහය දිවීම පිරිමි තරගය සඳහා සහභාගි වූ ලාන්ස් කෝප්‍රල් ඒ.ආර්.එම්. රාජපක්‍ෂ සෙබළ එම්.වී.එස්. සිල්වා, ඒ.එල්.එම්. අෂ්රොෆ් සහ ඒ.එම්.වයි.පි. අබේකෝන් ද හෙල්ල විසිකිරීම කාන්තා තරගය වෙනුවෙන් සහභාගි වූ මාණ්ඩලික සැරයෙන් බි.එල්. නදීෂා ලක්මාලි ක්‍රීඩක ක්‍රීඩිකාවන් එම ලෝකඩ පදක්කම් දිනා ගැනීමට සමත්ව ඇත.
     
    තවද ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතයන විසින් සංවිධානය කරන ලද 2015 23න් පහළ බී කාණ්ඩයේ අවසන් තරගයේ දී බ්ලුම් ෆීල්ඩ් ක්‍රීඩා සමාජය පරදවා ඉනිමක සහ ලකුණු 34 ක ජයක් වාර්තා කිරීමට ශ්‍රී ලංකා යුද හමුදා ක්‍රිකට් කණ්ඩායම සමත්විය.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya