ජනවාරි 11, 2025
tami eng youtube  twitter facebook

    ශී‍්‍රමත් ගාෆීල්ඩ් සෝබර්ස් මහතා දිවයිනට

    ඔක්තෝබර් 21, 2015

    ශී‍්‍ර ලංකාව සහ බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම් අතර පැවැත්වෙන ටෙස්ට් තරගාවලිය මේ වසරේ සිට සෝබර්ස් - තිසේරා කුසලාන ලෙසින් හැඳින්වෙන බැවින් එම තරගාවලියේ ජයග‍්‍රාහකයන්ට කුසලාන පිරිනැමීමේ අවස්ථාව සහභාගි වීම සඳහා ශී‍්‍රමත් ගාෆීල්ඞ් සෝබර්ස් ඊයේ (20) දිවයිනට පැමිණියේය. ශී‍්‍ර ලංකා කි‍්‍රකට් නිලධාරීන් විසින් ශී‍්‍රමත් ගාෆීල්ඩ් සෝබර්ස් මහත් හරසරින් පිළිගන්නා ලදහ.


    ලෝකයේ මෙතෙක් බිහිවූ විශිෂ්ටතම කි‍්‍රකට් කී‍්‍රඩකයා ලෙසින් අවිවාදයේම හැඳින්වෙන ශී‍්‍රමත් ගාෆීල්ඩ් සෝබර්ස්ට සහ ශී‍්‍ර ලංකාව ටෙස්ට් වරම් හිමිකර ගැනීමට පෙර ලංකා කණ්ඩායමේ සිටි විශිෂ්ටතම නායකයා ලෙසින් අදටත් සැලකෙන මයිකල් තිසේරාට ගෞරව කිරීම සඳහා ශී‍්‍ර ලංකා - කොදෙව් තරගාවලිය ‘සෝබර්ස් - තිසේරා’ කුසලාන තරගාවලිය ලෙසින් හැඳින්වේ.



    ටෙස්ට් තරග 93 කදී ලකුණු 8032 ක් ලබාගනිමින් ලොව වැඩිම ටෙස්ට් ලකුණු ලබාගත් පිතිකරුවා වශයෙන් 80 දශකය දක්වා ලෝක වාර්තාව රැකගෙන සිටි ශී‍්‍රමත් සෝබර්ස් වමතින් මඳ වේග පන්දු මෙන්ම දග පන්දුත් යවමින් දවාගත් කඩුලූ සංඛ්‍යාව 235 කි. අති දක්‍ෂ පන්දු රකින්නකුද වූ ගාෆීල්ඩ් සෝබර්ස් උඩපන්දු 109 ක් රැකගෙන ඇති අතර අභීත නායකයකු ලෙසින්ද කීර්තිනාමයක් උසුළයි.


    ශී‍්‍ර ලංකාව සහ බටහිර ඉන්දීය කොදෙව් පිල අතර කොළඹ පී. සරවනමුත්තු කී‍්‍රඩාංගණයේදී හෙට (22) සිට පැවැත්වෙන දෙවැනි ටෙස්ට් තරගයේ ආරම්භක අවස්ථාවටත් අනතුරුව එය අවසානයේ ත්‍යාග ප‍්‍රදානෝත්සවයටත් සහභාගිවීම සඳහා ශී‍්‍රමත් සෝබර්ස් ශී‍්‍ර ලංකාවට පැමිණ සිටියි.

     

    SDF

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya