ජනවාරි 11, 2025
tami eng youtube  twitter facebook

    2016 ජාතික මහා ක්‍රීඩා උළෙල කිලිනොච්චියේ දී

    ඔක්තෝබර් 30, 2015

    අවුරුදු 30 කට පසු 2016 වසරේ දී ජාතික මහා ක්‍රීඩා උළෙල කිලිනොච්චියේ පැවැත්වීමට කටයුතු සුදානම් කරලා ඇති බවත් එමගින් දෙමළ ජනතාව සමඟ ඇති බැඳීම් ​තවදුරටත් ශක්තිමත් කරගැනීමට බලාපොරොත්තුවෙන බවත් ක්‍රීඩා අමාත්‍ය දයාසිරි ජයසේකර මහතා පැවසීය.

    අමාත්‍යවරයා එසේ ප්‍රකාශ කළේ පසුගියදා (28) යාපනය බිෂොප් නිවසේදී අති උතුම් ජස්ටින් බර්නාඩ් ඥානප්‍රකාශම් බිෂොප්තුමාව හමුවීමේ අවස්ථාවට සහභාගී වීමෙන් පසු මාධ්‍ය වෙත අදහස් දක්වමිනි.

     

    අමාත්‍යවරයා එහිදී  වැඩිදුරටත් කියා සිටියේ,

     

    “ඉදිරියේදී අපි උතුරත් දකුණත් යා කරන වැඩපිළිවෙලවල් රාශියකට සහයෝගය දෙන්න බලාපොරොත්තු  වෙනවා. ක්‍රීඩාවෙනුත් කලාවෙනුත් අපි අතර ඇති බැඳීම් තව දුරටත් වර්ධනය වෙනවා. එමගින් ජාතීන් අතර තිබෙන සහයෝගිතාවය වර්ධනය වෙනවා. යාපනය ප්‍රදේශයේ විශාල වශයෙන් ක්‍රීඩක ක්‍රීඩිකාවන් බිහිවෙමින් පවතිනවා. ක්‍රිකට් ක්‍රීඩාව, පාපන්දු ක්‍රීඩාව සහ මලල ක්‍රීඩා ඒ අතරින් විශේෂ තැනක් ගන්නවා. ඔවුන්ට සහයෝගය දීලා  ​ලංකාව වෙනුවෙන් ඔවුන්ව ජාත්‍යන්තර මට්ටමට ගෙනියන්න මම කටයුතු කරනවා.  

     

    ඉදිරියට මධ්‍යම රජයෙන් යාපනයේ ක්‍රීඩා කටයුතුවලට සහයෝගය දීම සම්බන්ධව සාකච්ඡා කරලා ඒ අනුව ක්‍රියා කිරීමට කටයුතු කරනවා. පරණ පරපුරවල්වල තිබුණු විවිධ ප්‍රශ්න අමතක කරලා අළුත් පරපුරක් ලෙස කල්පනා කරලා අළුතෙන් හිතලා අපි සියල්ලම එකට එකතුවෙලා ජාතික සමගිය ගොඩනගිමින් රට අළුත් යුගයකට අරන් යන්න කටයුතු කරමු. ජනාධිපතිතුමා සහ අගමැතිතුමා අරගෙන යන මෙම ක්‍රියාදාමයට ශක්තියක් වෙන්න කටයුතු කරමු. දකුණෙන් මම උතුරට දෙන පණිවිඩය අපි ඔබගේ සහෝදරයෝ. ඒ නිසා ඉතිහාසයේ සිද්ධවුණු අඩුපාඩු  ගැටළු කල්පනා නොකර එකට එකතුවෙලා වැඩකරමු යන්නයි.“ යනුවෙනි.

     

    SDF

     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya