ජනවාරි 11, 2025
tami eng youtube  twitter facebook

    ලෝක රගර් කිරුළ නවසීලන්තයට

    නොවැම්බර් 02, 2015

    නවසීලන්තය අඛණ්ඩව දෙවැනි වරටත් රගර් ලෝක කුසලානය දිනා ගැනීමට සමත්විය. ලන්ඩන් නුවර ට්විකන්හැම් ක්‍රීඩා පිටියේ පසුගියදා (ඔක්. 31) පැවති 8 වැනි ලෝක කුසලාන රගර් තරගමාලාවේ අවසන් මහා තරගයේ දී  ඔස්ට්‍රේලියාවට එරෙහිව ලකුණු 34-17ක ජයක් ලැබූ නවසීලන්තය ලෝක රගර් කිරුළ දිනූ තුන්වැනි අවස්ථාව ද මෙය වෙයි.


    ඒ අනුව ලෝක රගර් කිරුළ තුන්වතාවක් දිනූ එකම කණ්ඩායම බවටත්, පිට පිට දෙවතාවක් එම කුසලානයට හිමිකම් කී එකම කණ්ඩායම බවටත් පත්වීමට නවසීලන්තයට හැකිවිය. මීට පෙර 1987 සහ 2011 ලෝක රගර් කුසලානය නවසීලන්තය ජයගත්තේ සිය රටේහිදීය. ඒ අනුව මෙවර ඔවුන් පළමුවරට විදෙස් භූමියකදී රගර් කිරුළට හිමිකම් කීම ද වාර්තාවකි. නවසීලන්තය ජයග්‍රහණයක කරා රැගෙන ගිය නායක රිචී මැකෝ රගර් ලෝක කුසලානය දෙවතාවක් දිනාගත් එකම නායකයා බවට පත්විය.

     

    ජයග්‍රාහී නවසීලන්ත කණ්ඩායමට රගර් ලෝක කුසලානය පිරිනමනු ලැබුවේ හැරී කුමරු විසිනි. විලියම් කුමරු සහ ඔවුන්ගේ සීයා වන පිලිප් කුමරු ද අවසන් මහා තරගය නැරැඹීමට පැමිණ සිටියහ.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya