මෙහි සමාරම්භක උත්සවය ජුනි මස 09 වෙනි දින පෙ.ව.8.00 ට පාර්ලිමේන්තු ප්‍රතිසංස්කරණ හා ජනමාධ්‍ය අමාත්‍ය ගයන්ත කරුණාතිලක, ක්‍රීඩා අමාත්‍ය දයාසිරි ජයසේකර සහ පාර්ලිමේන්තු ප්‍රතිසංස්කරණ හා ජනමාධ්‍ය නියෝජ්‍ය අමාත්‍ය කරුණාරත්න පරණවිතාන යන මැතිවරුන්ගේ ප්‍රධානත්වයෙන් පැවැත්වේ.
රාජ්‍ය හා පෞද්ගලික මාධ්‍ය ආයතන අතර සුහදතාවය වර්ධනය කර ගැනීමේ අරමුණින් පැවැත්වෙන මෙම ක්‍රිකට් තරගාවලියට ජනමාධ්‍ය ආයතන 30 ක් පමණ සහභාගී වීමට නියමිතයි.
රජයේ ප්රවෘත්ති දෙපාර්තමේන්තුව, පාර්ලිමේන්තු ප්‍රතිසංස්කරණ හා ජනමාධ්‍ය අමාත්‍යාංශය සහ ක්‍රීඩා අමාත්‍යාංශය ඒකාබද්ධව මෙම තරගාවලිය සංවිධානය කෙරේ.