තායිලන්තයේ දින දහයක කාලයක් පැවැත් වු ජාත්‍යන්තර මල්ලවපොර පුහුණුකරුවන් තේරීමේ පළමු ශ්‍රේණිගත කිරීමේ පරික්ෂණයෙන් ශ්‍රී ලංකාව නියෝජනය කරමින් සහභාගී වු එන්.කේ.ජේ.පියරත්න සහ එම්.ඒ.නුවන් කුමාර යන මහත්වරුන් සමත් විය. ඔවුනට ක්‍රීඩා අමාත්‍ය දයාසිරි ජයසේකර මහතා විසින් පළවන ශ්‍රේණියේ මල්ලවපොර පුහුණුකරුවන් ලෙස පත්වීම් ප්‍රදානය පසුගියදා අමාත්‍ය කාර්යාලයේදී සිදු කරන ලදි. එම අවස්ථාවට ක්‍රීඩා සංවර්ධන දෙපාර්තමේන්තුවේ කේ.ඩී.එස්.රුවන්චන්ද්‍ර මහතාද සහභාගී විය.