විශේෂ අවශ්‍යතා සහිත දරුවන් වෙනුවෙන් ඌව පළාත් සමාජ සේවා දෙපාර්තමේන්තුව යටතේ පවත්වාගෙන යනු ලබන පාසල්වල දරු දැරියන්ගේ සෞඛ්‍ය හා මානසික තත්වය ඉහළ නැංවීමේ අරමුණින් මෙම උළෙල සංවිධානය කොට තිබිණි.
සාම්ප්‍රදායික ළමා අවුරුදු ක්‍රීඩා මෙන්ම විනෝදාත්මක ඉසව් රැසකින් සමන්විතව පැවති මෙම උළෙලට ඌව පළාත් ආණ්ඩුකාරවර එම්.පී.ජයසිංහ, ඌව පළාත් ප්‍රධාන අමාත්‍ය චාමර සම්පත් දසනායක, ඌව පළාත් පරිවාස හා ළමාරක්ෂක සේවා සහ සමාජ සුබසාධන කටයුතු පිළිබඳ අමාත්‍ය කුමාරසිරි රත්නායක යන මහත්වරුන් ඇතුළු ආරාධිත අමුත්තන් රැසක්ද සහභාගි වූහ.
AP/DMU-Badulla