ජනවාරි 10, 2025
tami eng youtube  twitter facebook

    වෙන්දේසි කළ ශ‍්‍රී ලංකා ධීවර යාත‍්‍රා දෙකට මාල දිවයිනෙන් වන්දි

    ජූලි 18, 2014

    "රුෂාන් පුතා 04" සහ "රුෂාන් පුතා 06" නමැති ධීවර යාත‍්‍රා දෙක 2010 මාර්තු 25 දින මාලදිවයින් බලධාරීන් විසින් අත් අඩංගුවට ගන්නා ලදී. 


    මෙම ධීවර යාත‍්‍රා බේරුවල බණ්ඩාරවත්තේ පදිංචි ඩබ්.ඒ. බැසිල් ප‍්‍රනාන්දු මහතාට අයත් වේ.
     

    මේ ධීවර යාත‍්‍රා දෙක මාල දිවයින් රජය විසින් රාජසන්තක කෙරිණි. යාත‍්‍රා නියමුවන් වසර දෙකකට සිරගත කොට ඉතුරු පිරිස නිදහස් කර තිබේ. නිදහස් වූ පිරිස ධීවර දෙපාර්තමේන්තුව ගුවන් මඟින් ගෙන්වා ගැනිණි.

     

    ධීවර හා ජලජ සම්පත් සංවර්ධන අමාත්‍ය වෛද්‍ය රාජිත සේනාරත්න මහතා ධීවර අමාත්‍ය ධූරයේ වැඩ භාරගෙන ඉහත අවුරුදු දෙකකට සිරදඬුවම් නියම වී සිටි ධීවරයන් දෙදෙනා මාස 06ක කාලයක් ගත වී සිටියදී නිදහස් කරගැනීමට කටයුතු කෙරිණි. එමෙන්ම රාජසන්තක කරන ලද මෙම ධීවර යාත‍්‍රා 02ක සමඟ තවත් ධීවර යාත‍්‍රා 04ක් ද නැවත අයිතිකරුවන් හට ලබාගැනීමට අමාත්‍යවරයා කටයුතු කර තිබේ. අත්අඩංගුවට ගත් ධීවර යාත‍්‍රා 02ක ඒ වන විට මාලදිවයින් රජය මඟින් වෙන්දේසි කර තිබුණි.

     

    අමාත්‍ය වෛද්‍ය රාජිත සේනාරත්න මහතා ඍජු ලෙස මැදිහත්වී මාල දිවයින් බලධාරින් සමඟ මේ පිළිබඳ සාකච්ඡා කර මෙම යාත‍්‍රා දෙකෙහි හිමිකරු වෙත වන්දි ලෙස රුපියල් 1,544,628.16ක මුදලක් ලබාදීමට කටයුතු කෙරිණි. ඒ අනුව මාල දිවයින් විදේශ කටයුතු අමාත්‍යාංශය මඟින් එම මුදල් මාල දිවයිනෙහි ශ‍්‍රී ලංකා තානාපති කාර්යාලය හරහා මෙරට විදේශ කටයුතු අමාත්‍යාංශය වෙත ලබා දුනි. එම චෙක්පත් ධීවර හා ජලජ සම්පත් සංවර්ධන අමාත්‍යාංශය වෙත ගෙන්වා ගෙන පසුගියදා ධීවර අමාත්‍යාංශයේදී යාත‍්‍රා හිමිකරු වෙත භාර දුන් බව ධීවර අමාත්‍යාංශය පැවසීය.

    මෙම කටයුතු සඳහා ධීවර දෙපාර්තමේන්තුව, විදේශ කටයුතු අමාත්‍යාංශයේ කොන්සියුලර් අංශය, මාල දිවයින් ශ‍්‍රී ලංකා තානාපති කාර්යාලය, මාල දිවයින්හි විදේශ කටයුතු අමාත්‍යාංශය ඒකාබද්ධව කටයුතු කළ බව ද එම අමාත්‍යාංශය සඳහන් කළේය.

    NDH

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya