ජනවාරි 10, 2025
tami eng youtube  twitter facebook

    චීනය හා ශ්‍රී ලංකාව අතර ප්‍රථම ආරක්ෂක සහයෝගීතා සංවාදය බෙයිජිංහිදී

    සැප්තැම්බර් 26, 2014

    චීනය හා ශ්‍රී ලංකාව අතර ප්‍රථම ආරක්ෂක සහයෝගීතා සංවාදය බෙයිජිංහිදී පැවැත්විණි.

    චීන මහජන විමුක්ති හමුදාවේ උප ප්‍රධාන මාණ්ඩලික ජනරාල් වාං ගුවාන් චෝන් මහතා සහ නාගරික සංවර්ධන හා රාජ්‍ය ආක්ෂක අමාත්‍යාංශයේ ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා පසුගිය (24) දා මෙහි ප්‍රධාන ආරාධිතයින් ලෙස සහභාගී වූහ.

     

    කලාපීය ආරක්ෂක තත්ත්වය හා රටවල් දෙකෙහි හමුදාමය සම්බන්ධතාව පිළිබඳ ව ඔවුන් එහිදී පුළුල් ලෙස අදහස් හුවමාරු කර ගනු ලැබීය.

    පසුගියදා චීන ජනාධිපති ශී චින්පිං මහතා ශ්‍රී ලංකාවේ යෙදුණ සංචාරය ඓතිහාසික සංධිස්ථානයක් වශයෙන් සැලකෙන බව වාං ගුවාන් චෝන් මහතා එහිදී පැවසීය.

    එම සංචාරයේදී දෙරටේ නායකයින් එළඹුණ එකඟතාන්ට අනුව හමුදා ප්‍රවීණයන් පුහුණු කිරීම, මුහුදේ ආරක්ෂාව සහ බහුපාර්ශවික ආරක්ෂාව යන ක්ෂේත්‍ර තුළ ශ්‍රී ලංකා හමුදා පාර්ශවයන් සමඟ සහයෝගීතාව පුළුල් කිරීමට චීන හමුදා පාර්ශවය කැමැත්තෙන් සිටින බවද ඔහු තවදුරටත් පැවසීය.මෙම අවස්ථාවට එක් වූ ගෝඨාභය රාපක්ෂ මහතා පැවසුවේ, දෙරට අතර මෙන් ම දෙරට හමුදාවන් අතර ද උපරිම අනෝන්‍ය විශ්වාසයක් පවතින බවයි. චීනයේ සහ ශ්‍රී ලංකාවේ ජාතිකාරක්ෂක අංශ පුළුල් ක්ෂේත්‍ර තුළ සහයෝගීතාත්මක ව පැවැත්වීමට බලාපොරොත්තු වන බවද නාගරික සංවර්ධන හා රාජ්‍ය ආක්ෂක අමාත්‍යාංශයේ ලේකම්වරයා එහිදී අවධාරණය කළේය.

     

    ECB/ Liu Hui  (බෙයිජිං නුවර සිට)

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya