ජනවාරි 10, 2025
tami eng youtube  twitter facebook

    මාසික ක්‍රීඩා කඳවුරක් නුවරඑළියේදී

    සැප්තැම්බර් 26, 2014
    නුවරඑළිය දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ සම්බන්ධීකරණයෙන් ක්‍රීඩා සංවර්ධන දෙපාර්තමේන්තුවේ අනුග්‍රහයෙන් පවත්වන ලද මාසික ක්‍රීඩා කඳවුර පසුගියදා කඳපොළ මෙතෝදිස්ත දෙමළ විද්‍යාලයේ දී පැවැත්විණි.  
     
    දිස්ත්‍රික් ලේකම් ඩී.පී.ජී. කුමාරසිරි මහතාගේ උපදෙස් මත දිස්ත්‍රික් ක්‍රීඩා සංවර්ධන අංශය විසින් මෙම පුහුණු කඳවුර සංවිධානය කළ අතර පාසල් ක්‍රීඩක ක්‍රීඩිකාවන් 75කට ආසන්න ප්‍රමාණයක් මේ සඳහා සහභාගී වී සිටියහ.

     
    ඒ අනුව වයස අවුරුදු 15, 16, 19 යන වයස් කාණ්ඩ යටතේ වොලිබෝල් කණ්ඩායම් සඳහා ක්‍රීඩක ක්‍රීඩිකාවන් තෝරා ගැනීම සිදු වූ අතර එමඟින් දිස්ත්‍රික් වොලිබෝල් සංසද ස්ථාපිත කිරීම මෙහි මූලික ම අරමුණයි.

     
    දවස පුරා පැවති මෙම පුහුණු කඳවුර තුළ ක්‍රීඩා උපදේශන සේවාවන්ට අමතරව ශාරීරික ව්‍යායාම පාඨමාලාවක් ද පැවැත්විණි.  ඒ ඒ වයස් කාණ්ඩවලින් තෝරාගත් පාසල් ක්‍රීඩක ක්‍රීඩිකාවන් සඳහා රුපියල් 500ක මාසික පෝෂණ දීමනාවක් ලබා දීම ද මෙහිදී සිදු විය. මෙවැනි ක්‍රීඩා කඳවුරු අඛණ්ඩව මාසිකව පැවැත්වීමට යේජිතය. 

     
    NDH/SH-dmu nuwaraeliya

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya