ජනවාරි 10, 2025
tami eng youtube  twitter facebook

    පාසල් ක‍්‍රීඩා වසන්තය මෙවරත් අති උත්කර්ෂවත් අන්දමින් සුගතදාස ක‍්‍රීඩාංගණයේදී

    ඔක්තෝබර් 03, 2014

    ක‍්‍රීඩා කෞෂල්‍යයන්ගෙන් පරිපූර්ණ වූ දේශයේ දූ පුතුන් ගමෙන් නගරයටත්, නගරයෙන් පළාතටත්, පළාතෙන් ජාතික තලයටත් ඔසවා තැබෙන 2014 - සමස්ත ලංකා පාසල් ක‍්‍රීඩා උළෙල 30 වන වරටත් පාසල් ක‍්‍රීඩා ක්ෂේත‍්‍රයට වසන්තය උදා කරමින් අති උත්කර්ෂවත් අයුරින් පැවැත්වීමට අධ්‍යාපන අමාත්‍යාංශයේ සෞඛ්‍ය, ශාරීරික අධ්‍යාපන හා ක‍්‍රීඩා ශාඛාව සියලු කටයුතු සංවිධානය කර ඇත.


    මෙම තරගාවලිය අදියර 4කින් යුක්ත වේ. එහි අදියර 03ක් පසුගිය සැප්තැම්බර් 5 දින ආරම්භ කර  සැප්තැම්බර් 25 දින අවසන් කෙරිණි. වර්ෂාව නිසා සිදු වූ දුෂ්කරතා හේතුවෙන් ක‍්‍රීඩා ඉසව් 2කට පමණ බාධා සිදු වුවද සමස්තය ඉතාමත් සාර්ථකව නියමිත පරිදි පැවැත්වීමට අධ්‍යාපන අමාත්‍යාංශයේ සෞඛ්‍ය, ශාරීරික අධ්‍යාපන හා ක‍්‍රීඩා ශාඛාව විධිවිධාන යෙදිණි. පළමු අදියර (කණ්ඩායම් තරග 10 සහිතව) සැප්තැම්බර් 05, 06, හා 07 දිනවලත්, දෙවැනි අදියර (කණ්ඩායම් තරග 08ක් සහිතව) සැප්තැම්බර් 14, 15, 16 දිනවලත් තෙවැනි අදියර (කණ්ඩායම් තරග 08ක් සහිතව) සැප්තැම්බර් 23, 24, හා 25 දිනවලදීත් පැවැත්විණි.

    සිව්වැනි අදියරේ තරග ඊයේ (02

    ) ආරම්භ කළ අතර අද (03), හෙට (04), අනිද්දා (06) හා ලබන 07 දිනවලත් මේ ක්‍රීඩා තරග කොළඹ සුගතදාස ක‍්‍රීඩාංගණයේ දී පැවැත්වීමට නියමිතය.

    සිවුවැනි අදියර යටතේ මලල ක‍්‍රීඩා තරග ඉසව් 53ක් පැවැත්වෙන අතර මේ සඳහා දිවයිනේ සියලු පළාත් නියෝජනය කරමින් පාසල් 1,044ක ක‍්‍රීඩක ක‍්‍රීඩිකාවන් 4,786ක් සහභාගී වීමට නියමිත ය. 

    පුරා දින 05ක් දිවෙන ජාතික මට්ටමේ එක ම ක‍්‍රීඩා තරගාවලිය ලෙස ඉතිහාසයට එක්වන මෙම පාසල් ක‍්‍රීඩා උළෙල මෙවර විශේෂයෙන් 30 වසරක සාපරාධී යුද්ධයෙන් දැඩි ලෙස පීඩා විඳි උතුරු නැගෙනහිර පළාත්වලටත් මුල් අදියරේ විවිධ ක‍්‍රීඩා ඉසව් ව්‍යාප්ත කර පැවැත්වීම මඟින් ජාතීන් අතර සංහිඳියාව ඇති කිරීමෙහි ලා තබන ලද වැදගත් ආරම්භයක් ලෙස ද සටහන් කළ යුතු ය. 

    මෙම තරගාවලියේ සමාරම්භක උත්සවය ඊයේ  (02) අග‍්‍රාමාත්‍ය දි.මු. ජයරත්න මහතාගේ ප‍්‍රධානත්වයෙන් සහ අධ්‍යාපන අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතාගේ සහභාගීත්වයෙන් සුගතදාස ක‍්‍රීඩාංගණයේ පැවැත්වුණි.

    මෙහි සමාප්ති උත්සවය ආර්ථික සංවර්ධන අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතාගේ ප‍්‍රධානත්වයෙන් හා අධ්‍යාපන අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතාගේ සහභාගිත්වයෙන් ඔක්තෝබර් 07 වැනි දා සුගතදාස ක‍්‍රීඩාංගණයේ පැවැත්වීමට සියලු විධිවිධාන යොදා ඇති බව ද අධ්‍යාපන අමාත්‍යාංශයේ සෞඛ්‍ය, ශාරීරික අධ්‍යාපන හා ක‍්‍රීඩා ශාඛාව පැවසීය.

    NDH/kpm

    DSC 6589

     

     

    DSC 6688

    DSC 7081

     

     

    DSC 7088

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya