අප්‍රේල් 20, 2025
tami eng youtube  twitter facebook

    ක‍්‍රිකට් රන් පදක්කම ශී‍්‍ර ලංකාවට

    ඔක්තෝබර් 03, 2014
    දකුණු කොරියාවේ පැවැත්වෙන 2014 ආසියානු ක‍්‍රීඩා උළෙලේ විස්සයි -20 ක‍්‍රිකට් තරගයේ රන් පදක්කම ශී‍්‍ර ලංකාව දිනා ගනී. 
     
    අද ශ‍්‍රී ලංකාව සහ ඇෆ්ගනිස්ථානය අතර පැවති පිරිමි ක‍්‍රිකට් අවසන් මහා තරගය ශ‍්‍රී ලංකා කණ්ඩායම විසින් ජය ගන්නා ලදී.
     
    තරගයේ කාසියේ වාසිය දිනා පළමුවෙන් පන්දුවට පහර දුන් ශ‍්‍රී ලංකා කණ්ඩායම නියමිත පන්දු වාර 19.1ක් තුළදී සියලු දෙනා දැවී ලකුණු 133ක් රැස් කර ගත්හ.
     
    නායක ලහිරු තිරිමාන්න ලකුණු 57ක් රැස් කළ අතර දිනේෂ් චන්දිමාල් ලකුණු 33ක් ලබා ගත්තේය. 
     
    ඊට පිළිතුරු වශයෙන් ඇෆ්ගනිස්ථාන කණ්ඩායම සියලු කඩුළු දැවී රැස් කර ගන්නා ලද්දේ ලකුණු 65ක් පමණි.
     
    NDH/priu

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya