ඉන්දියානු නාවික හමුදාවට අයත් Landing Ship Tank වර්ගයට අයත් ‘INS Gharial’ නෞකාව (2022 අප්‍රේල් 29) කොළඹ වරායට සේන්දු වූ අතර, නාවික හමුදාව විසින් එම නෞකාව නාවික හමුදා සම්ප්‍රදායානුකුලව පිළිගැනීමට කටයුතු කෙරිණි.
කෙන්යාවේ නයිරෝබි නුවර දී 21 වෙනි වරටත් පැවැත්වූ වාර්ෂික පොදුරාජ්‍ය මණ්ඩලීය සාමාජික රටවල අධ්‍යාපන අමාත්‍යවරුන්ගේ සමුළුවට, පොදුරාජ්‍ය මණ්ඩලීය ලේකම් ජෙනරාල්, පැට්‍රීෂියා ස්කොට්ලන්ඩ් මහත්මියගේ ආරාධනය මත ශ්‍රී ලංකාව නියෝජනය කරමින් අධ්‍යාපන අමාත්‍ය, වෛද්‍ය රමේෂ් පතිරණ අමාත්‍යතුමා පසුගිය 27, 28 යන දෙදින පුරා (2022 අප්‍රේල්) මාර්ගගත ක්‍රමවේදය ඔස්සේ සහභාගි විය.