“රටට පණදෙන කර්මාන්ත පුනරුදයකට” තේමා කරගනිමින් කර්මාන්ත ක්ෂේත්‍රයේ විශිෂ්ටයන් ඇගයෙන ජාතික කර්මාන්ත විශිෂ්ටතා සම්මාන උළෙල ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් (15) පස්වරුවේ බත්තරමුල්ල වොටර්ස් ඒජ් හෝටලයේ දී පැවැත්විණ.
ජනතාවට මුහුණ පෑමට සිදුව ඇති ආර්ථික අපහසුතා අවම කිරීම සඳහා වතු කම්කරු පවුල් සඳහා තිරිඟු පිටි සහනාධාරයක් ලබා දීමට කැබිනට් අනුමැතිය හිමි වූ බව වෙළෙඳ අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා පැවසීය.
සෑම අයෙක් එක් පැලයක් හරිත ශ්‍රී ලංකා ජාතික වැඩසටහන වනජීවී අමාත්‍යංශයත්, පරිසර අමාත්‍යංශයත් එක්ව අරඹා ඇති බව පරිසර අමාත්‍ය මහින්ද අමරවීර මහතා පැවසීය.