පෙබරවාරි 22 සිට 25 දක්වා පාර්ලිමේන්තුව රැස්වීමට 2022.02.17 රැස්වූ පාර්ලිමේන්තු කටයුතු කාරක සභාව තීරණය කළ බව, සභානායක, අධ්‍යාපන අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා ප්‍රකාශ කළේය.
උමා ඔය ව්‍යාපෘතියේ වැඩ නිමව තිබුණේ නම් විදුලි කැපීමක් සිදුනොවන බව වාරිමාර්ග අමාත්‍ය සහ රාජ්‍ය ආරක්ෂක හා ආපදා කළමනාකරණ, ස්වදේශ කටයුතු රාජ්‍ය අමාත්‍ය චමල් රාජපක්ෂ මහතා පවසයි.
රට හදන “ සෞභාග්‍යයේ දැක්ම ” ප්‍රතිපත්ති මාලාව යටතේ ජනතාවගේ යටිතල පහසුකම් සංවර්ධනය කිරීමේ අරමුණ පෙරදැරි කර ගෙන කුවෙට් රජයේ අධාර යටතේ දිවයිනේ පළාත් 07 ක් ආවරණය වන පරිදි පාලම් 66 ක් ප්‍රතිසංස්කරණය කිරීමට පියවර ගන්නා බව මහාමාර්ග අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා පැවසීය.
ජාතික විද්‍යා පදනමේ ගෝලීය ඩිජිටල් වේදිකාව ජනගත කිරීම අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් පෙබරවාරි 21 (සඳුදා) පෙ.ව 9.00ට බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේදී සිදු කිරීමට නියමිතය.