පහසුකම් වලින් අඩු ස්ථානයක මෙතෙක් පවත්වාගෙන ගිය කම්කරු දෙපාර්තමේන්තුවේ ජා ඇල පිහිටා ඇති දිස්ත්‍රික් කම්කරු කාර්යාලය, කම්කරු අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතාගේ උපදෙස් පරිදි හෙට සිට පහසුකම් සහිත නව සේවා ස්ථානයක සිට රාජකාරි සිදු කරන බව කම්කරු අමාත්‍යාංශය සඳහන් කරයි.
“සෞඛ්‍ය ක්ෂේත්‍රයේ කිසිවෙකුට කිසිදු අසාධාරණයක් කරන්නේ නෑ” බිබිල මූලික රෝහල මහාචාර්ය සේනක බිබිලේ අනුස්මරණ රෝහල ලෙස නම් කරමින් සෞඛ්‍ය ඇමති කියයි.
2022 වර්ෂය තුළදී ශ්‍රී ලාංකිකයින් ලක්ෂ 3ක් රැකියා සඳහා විදේශගත කිරීමේ ජාතික මෙහෙවර සාර්ථක කරගැනිම සහ එම අරමුණ කරා ළගාවිමේදි විදේශ රැකියා ආයතන මුහුණ දෙන අභියෝග සහ ගැටළු නිරාකරණය කරගැනිම සදහා වයඹ සහ අවට විදේශ රැකියා බලපත්‍රලාභි එකමතුව විසින් සංවිධානය කරනු ලැබු සුහද හමුව පසුගිය 11 දින කුරුණෑගල අස්ලිය උත්සව ශාලාවේදී පැවැත්වුණි.
'රටට පණ දෙන කර්මාන්ත පුනරුදයකට' මංපෙත් සලසන තවත් ඉදිරිගාමී පියවරක් ලෙස කර්මාන්ත අමාත්‍ය විමල් වීරවංශ මහතාගේ සංකල්ප හා මාර්ගෝපදේශකත්වයෙන් ද කර්මාන්ත අමාත්‍යංශයේ මෙහෙයවීමෙන් ද ලංකා කාර්මික සංවර්ධන මණ්ඩලය සංවිධානය කරනු ලබන 'ජාතික කර්මාන්ත විශිෂ්ටතා සම්මාන 2022' උළෙල අතිගරු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමන්ගේ ප්‍රධානත්වයෙන් අද (15) සවස 3:30ට බත්තරමුල්ල වෝටර්ස් එජ් හෝටලයේ දී පැවැත්වීමට නියමිතය.