එළඹෙන පෙබරවාරි මස 07 දින ආරම්භ කිරීමට නියමිත අධ්‍යයන පොදු සහතික පත්‍ර (උසස් පෙළ) විභාගය - 2021 පැවැත්වීම සඳහා අවශ්‍ය සියලු කටයුතු සූදානම් බව 2021 විභාග කොමසාරිස් ජනරාල් එල්.එම්.ඩී.ධර්මසේන මහතා රජයේ නිල පුවත් වෙබ් අඩවියට ප්‍රකාශ කළේ ය.
අභිමානවත් 74 වන නිදහස් දින පෙළපාලියට සමගාමීව මෙවර නාවික හමුදාවෙන් අචාර වෙඩිමුර 25 ක් සහ ගුවන් හමුදාවෙන් ගුවන් යානා සංදර්ශනයක් පැවැත්වීමට සියලු කටයුතු සුදානම් කර තිබේ.
74වන ජාතික නිදහස් දින උළෙලට සමගාමීව කොළඹ නගරය සහ බස්නාහිර පළාත ආවරණය වන ලෙස විශේෂ ආරක්ෂක සැලැස්මක් ක්‍රියාත්මක කෙරන බවත්, ඒ සදහා ශ්‍රී ලංකා පොලිසියත්, විශේෂ කාර්යය බළකාය, ත්‍රිවිධ හමුදාවේ ද සහය ඇතිව නිළධාරීන් 3000 කට අධික පිරිසක් යොදවා ඇති බවත්, බස්නාහිර පළාත් ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා අද (31) රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවති මාධ්‍ය හමුවේ දී පැවසීය.
ඉදිරියේදී එළඹෙන දීර්ඝ නිවාඩුවේ දී ජනතාව ගැවසෙන ස්ථානවලට යාමේ දී ප්‍රවේශම් වන ලෙසත්, සෞඛ්‍ය පුරුදු අනුගමනය කරන ලෙසත්, නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය හේමන්ත හේරත් මහතා පැවසුවේය.