රැකියා ඇබෑර්තු පවතින ක්ෂේත්රයන් ආවරණයවන පරිදි විදේශ රැකියා ඉලක්ක කරගත් වෘත්තිමය පාඨමාලා ආරම්භ කරන්නැයි වෘත්තීය පුහුණු පාඨමාලා සිදුකරන රාජ්‍ය ආයතනයන්ට අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා අද (31) දින උපදෙස් දුන්නේය.
අභිනව ජනාධිපති ලේකම් ධුරයට පත් ගාමිණී සෙනරත් මහතා පසුගිය දා මල්වතු අස්ගිරි මහ නායක ස්වාමීන්වහන්සේලා බැහැ දැක ආශිර්වාද ලබා ගත්තේය.
දුම්රිය නියාමකවරුන්ට කොවිඩ් වැළඳීම හේතුවෙන් දුම්රිය 14ක් අවලංගු කිරීමට පියවර ගන්නා බව දුම්රිය සාමාන්‍යධිකාරී ධම්මික ජයසුන්දර මහතා අද (31) මාධ්‍ය නිවේදනයක් නිකුත් කරමින් ප්‍රකාශ කරයි.
මිණිපේ ප්‍රාදේශීය ලේකම් කාර්යාල පරිශ්‍රයේ රුපියල් ලක්ෂ 10ක මූල්‍ය ප්‍රතිපාදන යටතේ ඉදිකළ සුවධරණී පෝෂණ මන්දිරය ජනතා අයිතියට පත්කිරීම දේශීය වෙදකම් ප්‍රවර්ධන, ග්‍රාමීය හා ආයුර්වේද රෝහල් සංවර්ධන හා ප්‍රජා සෞඛ්‍ය රාජ්‍ය අමාත්‍ය නීතීඥ සිසිර ජයකොඩි සහ රාජ්‍ය අමාත්‍ය ලොහාන් රත්වත්තේ යන අමාත්‍යවරුන්ගේ ප්‍රධානත්වයෙන් පසුගියදා සිදුකෙරිණි.