පොල්ගහවෙල හන්දිය සිට රත්මලාන දක්වා ධාවනය වන අර්ධ ශීඝ්‍රගාමි දුම්රිය විලවත්ත සහ මීරිගම දුම්රිය ස්ථාන අතර දුම්රිය හරස් මාර්ගයේ ලොරි රථයක් (කන්ටේනර් ප්‍රවාහන) ගැටීමෙන් සිදු වූ අනතුර නිසා මීරිගම අඹේපුස්ස දුම්රිය මාර්ගය මේ වන විට තනි මාර්ගයක් ලෙස භාවිතා කිරීම සඳහා විවෘත කර ඇති බව අතිරේක දුම්රිය සාමාන්‍යධිකාරී (මෙහෙයුම්) වී.එස්.පොල්වත්තගේ මහතා ප්‍රකාශ කළේය.
දහතුන්වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සම්බන්ධයෙන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මීට සුළු මොහොතකට පෙර පාර්ලිමේන්තුවේ දී (09) මේ වනවිට විශේෂ ප්‍රකාශයක් සිදු කරයි.
නවසීලන්තයේ අධ්‍යයන චාරිකාවක නිරත වී සිටින අතරතුර පසුගියදා (01) නවසීලන්ත පාර්ලිමේන්තු රැස්වීමක් නැරඹීමට එක්වූ ශ්‍රී ලංකා පාර්ලිමේන්තු මන්ත්‍රීවරියන්ගේ සංසදයට එහිදී උණුසුම් පිළිගැනීමක් හිමිවිය.
පුත්තලම කලපුවේ, ඉප්පන්තිව් දූපතට ඔබ්බෙන් වූ වෙරළ තීරයේ අතරමංව සිටි මින්කිවේල් වර්ගයේ අඩි 20 ක් පමණ දිගින් යුත් තල්මසෙකු නැවත නිරුපද්‍රිතව ගැඹුරු මුහුද වෙත මුදා හැරීම සඳහා ශ්‍රී ලංකා නාවික හමුදාව (2023 අගෝස්තු 08) කටයුතු කෙරිණි.