ජාතික ඖෂධ නියාමන අධිකාරියේ ද්විතීයික පදනම මත සේවය කළ සෞඛ්‍ය අමාත්‍යාංශයේ ඖෂධවේදීන් එම අමාත්‍යාංශයට යොමු කිරීමෙන් ඔවුන්ගේ කිසිදු වෘත්තිය අයිතිවාසිකමක් උල්ලංඝණය වී නැතැයි ජාතික ඖෂධ නියාමන අධිකාරිය පෙන්වා දෙයි.
ඊශ්‍රායලයේ සාත්තු සේවා රැකියා වරම් ලැබූ ශ්‍රි ලාංකිකයින් දොළොස් දෙනෙකු සඳහා ගුවන් ටිකට්පත් ප්‍රදානය කිරීම කම්කරු හා විදේශ රැකියා අමාත්‍ය මනුෂ නානායක්කාර මහතාගේ ප්‍රධානත්වයෙන් 16 දින කම්කරු හා විදේශ රැකියා අමාත්‍යාංශයේදී සිදුකරන ලදී.