ත්‍රස්ත විරෝධී පනත අප්‍රේල් අග හෝ මැයි මුල පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන බවත් ජාත්‍යන්තරය ත්‍රස්ත පනතට විරුද්ධ නොමැති බවත් අධිකරණ, බන්ධනාගාර කටයුතු හා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ අමාත්‍ය ජනාධිපති නීතිඥ, ආචාර්ය විජයදාස රාජපක්ෂ මහතා පවසයි.
ශ්‍රී ලංකාවේ සංවර්ධන ප්‍රතිපත්ති මෙහෙයුම් වැඩසටහනේ ප්‍රගතිය පිළිබඳ ලෝක බැංකු නියෝජිතයන්ගේ ප්‍රසාදය පළ කෙරේ.
දිවයින පුරා විහිදී සිටින පාරම්පරික දේශීය වෛද්‍යවරුන් ජනතාවගේ රෝග සුවපත් කරලමින් ජාතික සෞඛ්‍ය සේවාවට සුවිශාල දායකත්වයක් දක්වන අතර එම සේවාව ඇගයීමත් පාරම්පරික දේශීය වෛද්‍ය ක්‍රම රැක ගනිමින් මතු පරපුර වෙත දායාද කරලීමේ අරමුණින්, විශේෂ කුසලතා සහිත පිළිගත් පාරම්පරික වෛද්‍යවරුන් 47 දෙනෙකු සඳහා ආයුර්වේද වෛද්‍ය සභාවේ ලියාපදිංචිය ලබා දීම දේශීය වෛද්‍ය රාජ්‍ය අමාත්‍ය නීතිඥ සිසිර ජයකොඩි මහතාගේ ප්‍රධානත්වයෙන් මහරගම, නාවින්න බණ්ඩාරනායක අනුස්මරණ ආයුර්වේද පර්යේෂණායතන ශ්‍රවණාගාරයේදී සිදු කෙරිණ.