දැනට රට තුළ ව්‍යාජ හා ප්‍රමිතියෙන් තොර පළිබෝධනාශක හා වල්නාශක අලෙවි කිරීමේ ජාවාරමක් පවතින බැවින් පලිබෝධනාශක පාලන පනත වහාම සංශෝධනය කිරීමට පියවර ගන්නා ලෙස කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා පලිබෝධනාශක රෙජිස්ට්‍රාර් ජනරාල්වරයාට උපදෙස් ලබා දී ඇත.
ශ්‍රී ලංකාවේ සුළු හා මධ්‍ය පරිමාණ කුළුබඩු නිෂ්පාදකයන්ගේ ගුණාත්මක නිෂ්පාදන දේශීය මෙන්ම විදේශීය වෙළඳපළ වෙත ගෙනයාමේ අරමුණ ඇතිව වැවිලි කර්මාන්ත අමාත්‍යාංශය යටතේ ක්‍රියාත්මක වන කුළුබඩු හා ඒ ආශ්‍රිත නිෂ්පාදන අළෙවි මණ්ඩලය විසින්, www.spicelk.com වෙබ් අඩවිය ශ්‍රී ලංකාවේ පළමු කුළුබඩු ආශ්‍රිත නිල වෙබ් අඩවිය පසුගිය (07) දා එළි දැක්විණි.
උත්සව සමයේ වැඩිමිලට භාණ්ඩ අලෙවි කිරීම,තොග සඟවා තබා ගැනීම හා විකිණීම ප්‍රතික්ෂේප කිරීම ඇතුලු වැරදි සිදුකළ වෙළඳුන් 1500 කට ආසන්න පිරිසක් පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය විසින් නීතියේ රැහැනට හසුකරගෙන තිබේ.