නායයෑම් අතුලු අධි අවධනම් ආපදා හේතුවෙන් අධි ආවදානම් ප්‍රදේශවල ජිවත්වන ජනතාවට ස්ථිර නිවාස ලබා දිමේ රජයේ වැඩ පිළිවල යටතේ නුවරඑළිය දිස්ත්‍රික්කය සඳහා නිවාස 861 ක් සැදීමට අවශ්‍ය මුලික කටයුතු සිදු කරමින් සිටින බව දිස්ත්‍රික් ලේකම් එම්.බී.ආර් පුෂ්පකුමාර මහතා පැවසීය.
මහනුවර මහ රෝහලේ හෘද උරස් රෝග ප්‍රතිකාර ඒකකයට සහ උරස් ඛන්තුක ශල්‍ය දැඩි සත්කාර ඒකකය වෙත වෛද්‍ය උපකරණ බෙදාදීම සෞඛ්‍ය, පෝෂණ හා දේශිය වෛද්‍ය අමාත්‍ය දොස්තර රාජිත සේනාරත්න මහතාගේ ප්‍රධානත්වයෙන් එම රෝහලේ දී පසුගියදා සිදු කරන ලදි.
නිවාස හා ඉදිකිරිම් අමාත්‍යංශයේ පුර්ණ අධීක්ෂණය යටතේ කෑගල්ල දිස්ත්‍රික්කයේ උදාකළ ගම්මානයක් සහ ආදර්ශ ගම්මානයක් ඉදිකිරීමට මුල්ගල තැබීම සිදුකෙරිණි.