ඔබ්සර්වර් පර්යේෂණ පදනම ඉන්දියාවේ විදේශ කටයුතු අමාත්‍යංශය සමඟ එක්ව, 2023 මාර්තු 02-04 යන දිනවල සංවිධානය කරන ලද රයිසිනා සංවාදය-2023 හෙවත් භූ දේශපාලනය සහ භූ-ආර්ථිකය පිළිබඳ ඉන්දියාවේ ප්‍රමුඛතම සම්මන්ත්‍රණයට සහභාගී වීම සඳහා විදේශ කටයුතු අමාත්‍ය එම්.යූ.එම්. අලි සබ්රි මහතා නවදිල්ලියේ නිල සංචාරයක නිරත විය.
ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ මෙහෙයවීමෙන් පැවැති නැෂනල් සුපර් ලීග් සිව්දින ක්‍රිකට් තරගාවලිය ගාල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී ඊයේ (05) නිමාවට පත් වූයේ මිනෝද් භානුකගේ නායකත්වයෙන් යුත් දඹුල්ල කණ්ඩායම ශූරතාව දිනා ගනිමිනි.
විපක්ෂය ගෙනෙන යෝජනාවට අනුව ‘සර්ව ජන ඡන්ද බලය’ පිළිබඳ සභාව කල්තැබීමේ දෙදින විවාදය සදහා මාර්තු 9 සහ 10 වෙන් කෙරේ.