විශ්‍රාමලත් වෛද්‍ය පරිපාලකයින්ගේ අභිනන්දන උත්සවය සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය දොස්තර රාජිත සේනාරත්න මහතාගේ ප්‍රධානත්වයෙන් කොළඹ පදනම් ආයතනයේ දී පසුගියදා පැවැත්විනි.
පිරිසිදු මුදල් නෝට්ටු භාවිතය පිළිබඳ ප‍්‍රතිපත්තිය යටතේ විකෘති වූ මුදල් නෝට්ටු සඳහා මෙම වසරේ දෙසැම්බර් 31 වනදායින් පසු ගෙවීම් සිදු නොකරන බවට ශී‍්‍ර ලංකා මහ බැංකුව තීරණය කර තිබූ අතරජනතාව සතුව පවතින එවැනි මුදල් නෝට්ටු වාණිජ්‍ය බැංකු ශාඛාවන් සමග හුවමාරු කර ගැනීමට තවදුරටත් අවස්ථාව සළසමින් එම කාලය 2018 මාර්තු 31 වනදා දක්වා දීර්ඝ කිරීමට ජනාධිපති ගරු මෛති‍්‍රපාල සිරිසේන මැතිතුමා මහ බැංකුව වෙත උපදෙස් ලබා දී තිබේ.
යාපනය සහ මුලතිව් ප්‍රදේශවල පසුගිය මාස 03 ක පමණ කාලය තුළ වාර්තා වූ මරණ පිළිබදව විධිමත් පරීක්ෂණයක් සිදු කරන ලෙස සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය දොස්තර රාජිත සේනාරත්න මහතා වසංගත රෝග විද්‍යා අංශයේ අධ්‍යක්ෂ අනිල් දිසානායක මහතාට දැනුම් දී ඇත.