ශ්‍රවණාබාධිත පුද්ගලයින් මුහුණ දෙන ගැටළුවලට පිලියම් ලෙස සංඥා භාෂා පරිවර්ථකයන් 50 දෙනෙකු බඳවා ගෙන පුහුණුවක් ලබා දෙන ලෙස සමාජ සවිබලගැන්වීම් හා සුබසාධන අමාත්‍ය එස්.බී.දිසානායක මහතා සමාජ සේවා දෙපාර්තමේන්තු ප්‍රධානීන් වෙත උපදෙස් ලබාදී ඇත.
දිවයිනේ බස්නාහිර, සබරගමුව, දකුණු සහ මධ්‍යම පළාත්වල වැසි වාර කිහිපයක් ඇති විය හැකි බව කාලගුනවිද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.
දිවයින පුරා ග්‍රාමීය යටිතල පහසුකම් සංවර්ධනය කිරීමේ කඩිනම් වැඩපිළිවෙලක් රජය විසින් ආරම්භ කර තිබේ.
ස්වාධීන මාධ්‍ය කොමිෂමක් පිහිටුවා ගනිමින් මාධ්‍යවේදීන්ට අවම වැටුපක් සහතික කිරීමට බලාපොරොත්තු වන බවත් ජනමාධ්‍ය හැදුනුම්පත ආචාරධර්ම පද්ධතියකට යටත් කිරීමට ප්‍රතිපත්තිමය තීරණයක් ගෙන තිබෙන බවත් රජයේ ප්රවෘත්ති අධ්යක්ෂ ජනරාල් ආචාර්ය රංග කලන්සූරිය මහතා පවසයි.