වතු කම්කරුවන් සඳහා ලබාදෙන රුපියල් දෙදහස් පන්සියයක මුදල වහාම ගෙවීමට අවශ්‍ය වැඩපිළිවෙල රජය ගනිමින් සිටින බව කම්කරු හා වෘත්තීය සමිති සබඳතා අමාත්‍ය ඩබ්ලිව්.ඩී.ජේ. සෙනෙවිරත්න මහතා පවසයි.
ශ්‍රී ලංකා ජාතික පර්යේෂණ සභාව පනත් කෙටුම්පත දෙවැනිවර කියවීමේ විවාදය අද (07) පාර්ලිමේන්තුවේ දී ආරම්භ විය.
රටේ ජනතාවට අනාගතයක් දෙන්න,තරුණයන්ට අනාගතයක් දෙන්න අවශ්‍ය බවත් තවත් ණය වී කිසිම ප්‍රයෝජනයක් නොමැති බවත් සංවර්ධන ව්‍යාපාරය අතනොහරින බවත් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පවසයි.
සාලාව කඳවුර පිපිරුමෙන් හානියට පත් නිවාස ව්‍යාපාර වෙනුවෙන් රුපියල් 50,000ක දීමනාව ලබාදීමට මේ වනවිට රුපියල් මිලියන 18ක මුදලක් ලබාදී තිබෙන බවත් එම ප්‍රතිපාදනවලින් නිවාස 276ක් සහ ව්‍යාපාර ස්ථාන 52ක් සඳහා 50,000ක දීමනාව ලබාදී තිබෙන බවත් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පවසයි.