උතුරු නැඟෙනහිර පළාතේ යුද්ධයෙන් විනාශ වූ නිවාස 2040ක් මිලියන 480ක වියදමින් නැවත ඉදිවෙමින් තිබෙන බව බන්ධනාගාර ප්‍රතිසංස්කරණ, පුනරුත්ථාපන, නැවත පදිංචි කිරීම හා හින්දු ආගමික කටයුතු අමාත්‍ය ඩී.එම්.ස්වාමිනාදන් මහතා පවසයි.
කොස්ගම, සාලාව හමුදා කඳවුරේ පිපිරීම නිසා පදිංචියට යාමට නොහැකි නිවෙස් හිමියන් වෙත රුපියල් 50,000ක දීමනාවක් ගෙවීමට කටයුතු කරන බව ආපදා කළමනාකරණ අමාත්‍ය අනුර ප්‍රියදර්ශන යාපා මහතා අද (10) පාර්ලිමේන්තුවේ දී ප්‍රකාශ කළේ ය.
ෆයිනස් හා ඉයුකැලිප්ටස් වගාව ආර්ථිකයට විශාල ලෙස බලපාන බවත් ආක්රමණික ශාකයක් ලෙස ශාකය ඉවත් කළ යුතු බවත් තිරසර සංවර්ධන හා වනජීවී අමත්‍ය ගාමිණී ජයවික්‍රම පෙරේරා මහතා පවසයි.
පාර්ලිමේන්තු මහලේකම්ට එරෙහිව දෝෂාභියෝගයක් ගෙන ඒමට හේතු සාධයක් ඉදිරිපත් වී නොමැති බව පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභවේ අඳහස වී තිබෙන බව කරූ ජයසූරිය මහතා අද (10) පාර්ලිමේන්තුවට දැනුම් දුන්නේ ය.