හොරු වෙනුවෙන් පෙනී සිටින්න එපා. මුළු රට ම පෝෂණය කරන මහ මෙහෙයුමක් දියත් කරන වේලාවක අපේ කකුලෙන් අදින්න එපා. සත්‍ය වෙනුවෙන් පෙනී සිටිනවා. ශීලාචාර ශ්‍රී ලංකාවක් වෙනුවෙන් පෙනී සිටින බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පවසයි.
ජාත්‍යන්තර කම්කරු සංවිධානයේ වාර්ෂික සම්මේලනයට සහභාගීවීම සඳහා කම්කරු අමාත්‍ය එස්.බී. නාවින්න මහතා ජිනීවා නුවර බලා පිටත් වූ බව කම්කරු සහ කම්කරු සබඳතා අමාත්‍යාංශය පවසයි.
පිළිසරු ජාතික ව්‍යාපෘතිය මගින් සංවිධානය කරන අපද්‍රව්‍ය වෙන් වෙන් ව බැහැරලීම පිළිබඳ දීපව්‍යාප්ත දැනුවත් කිරීමේ වැඩසටහනක් ක්‍රියාත්මක කෙරේ.
ශ්‍රී ලංකාවේ පළාත් අටක, එක් පළාතකින් පරිසර නියමුවන් 100ක් සම්බන්ධකරගනිමින් පරිසර දින සැමරුම් වැඩසටහනක් පැවැත්වීමට මධ්‍යම පරිසර අධිකාරිය බලාපොරොත්තු වෙයි.