- කෘෂිකර්ම, වනජීවී හා වන සම්පත් සංරක්ෂණ අමාත්‍ය මහින්ද අමරවීර මහතා
ආහාර සුරක්ෂිතතාව සම්බන්ධ ගැටලු ඇති මේ මොහොතේ වඩා වැදගත් වන්නේ මැතිවරණ පැවැත්වීමට වඩා වී ගොවියාගේ වී මිලදී ගැනීම බවත්, ඒ සම්බන්ධයෙන් අවධානය යොමු කරන ලෙස ජනාධිපතිවරයා ඇතුලු කැබිනට් මණ්ඩලයෙන් ඉල්ලීම් කරන බවත්, කෘෂිකර්ම සහ වනජීවී හා වන සංරක්ෂණ අමාත්‍ය මහින්ද අමරවීර මහතා පවසයි.
එක්සත් ජාතීන්ගේ සංවිධානයේ සහකාර මහලේකම් කන්නි විග්නරාජා (Kanni Wignaraja) මහත්මිය ඇතුළු නියෝජිත පිරිස අද (04) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේ දී ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා හමු වූහ.
අද (04) මධ්‍යම රාත්‍රී 12 සිට දක්ෂිණ අධිවේගී මාර්ගයේ සියලුම බස්රථවල මගී බස් ගාස්තුව 10%කින් අඩු කෙරෙන බවත්, ඉන්ධන මිල සහ බස්ගාස්තුව වැඩිවීම නිසා රු.ලක්ෂ 33 දක්වා වැඩිවූ අධිවේගී බස්රථවලින් රජයට අයකරන වාර්ෂික බලපත්‍ර ගාස්තුව නැවත දොළොස් ලක්ෂ අනූහයදාහ (1296000) දක්වා අඩු කරන බවත් ප්‍රවාහන හා මහාමාර්ග සහ ජනමාධ්‍ය අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා පැවසීය.