අපනයන කෘෂිකාර්මික වැඩපිළිවෙල ප්‍රවර්ධනය සඳහා අවශ්‍ය පහසුකම් සැලසීම පිළිබඳව කෘෂිකර්ම අමාත්‍යාංශය විසින් සංවිධානය කරන විශේෂ වැඩමුළුවක් අද (දෙසැම්බර් 29 ) දින ප.ව. 2.00ට කොළඹ 07 හෙක්ටර් කොබ්බෑකඩුව ගොවි කටයුතු පර්යේෂණ හා පුහුණු ආයතන ශ්‍රවණාගාරයේ දී පැවැත්වේ.
උතුරු, උතුරු-මැද සහ නැගෙනහිර පළාත්වල සිහින් වැසි වාර කිහිපයක් අති විය හැකි බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.
මෙරට ගැබිණි මව්වරුන්, කිරි දෙන මව්වරුන්ට සහ අඩුබරැති ළදරුවන් සඳහා අවශ්‍ය ත්‍රිපෝෂ අඛණ්ඩව සැපයීමේ වැඩපිළිවෙල යටතේ South Asia Gateway Terminals Pvt Ltd. සමාගම හා සෞඛ්‍ය අමාත්‍යාංශය අතර අද (27) විශේෂ අවබෝධතා ගිවිසුමක් අත්සන් කරනු ලැබීය.
කොළඹ සහ ගම්පහ දිස්ත්‍රික්කයේ ස්ථාන 20ක දී රුපියල් 55 කට බිත්තර අලෙවිකිරීමට පියවර ගෙන ඇති බව කෘෂිකර්ම අමාත්‍යංශය පවසයි.