ආරක්ෂක සේවා අණ සහ මාණ්ඩලික විද්‍යාලයේ 16 වෙනි උපාධි ප්රදානෝත්සවය ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් ඊයේ (08) පස්වරුවේ කොළඹ නෙලුම් පොකුණ රඟහලේදී පැවැත්විණි.
නිරිත දිග බෙංගාල බොක්ක හරහා හමා යන මැන්ඩවුස් සුළි කුණාටුව අද (09) පෙරවරු 08.30 ට යාපනයේ සිට කිලෝමීටර් 230ක් නැගෙනහිර ඊසාන දෙසින් ස්ථානගත වී ඇති බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.
පහ ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගය එළඹෙන දෙසැම්බර් 18 දින පැවැත්වෙන අතර , ශිෂ්‍යත්ව විභාගය සඳහා පැවැත්වෙන සියළුඹ උපකාරක පන්ති 2022.12.14 දින සිට තහනම් කෙරෙන බව විභාග කොමසාරිස් ජනරාල් එල්.එම්.ඩී.ධර්මසේන මහතා පවසයි.
හැත්තෑ දෙවසරක (72) දීර්ඝ ඉතිහාසයකට උරුමකම් ඇති දේශයේ පළමු ආරක්ෂක වළල්ල, ශ්‍රී ලංකා නාවික හමුදාව 72 වන සංවත්සරය අද දින ( දෙසැම්බර් 09) අභිමානවත්ව සමරයි.