සංචාරක වීසා මඟින් මැලේසියා වේ රැකියා ලබාදීමට පුද්ගලයින් 09 දෙනෙකුගෙන් රු 5,015,000ක මුදලක් ලබා ගෙන විමර්ශන නිලධාරින් මගහැර සැඟව සිටි තංගල්ල ප්‍රදේශයේ කාන්තාවක් විදේශසේවා වමර්ශන නිලධාරින් විසින් අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු මෙම මස 13 දින දක්වා රිමාන්ඩ් කර ඇත.
නීති පීඨය ඇතුළු කොළඹ විශ්වවිද්‍යාලයේ ගුණාත්මකභාවය වැඩිදියුණු කිරීමට රජයේ සහාය නොමසුරුව ලබාදෙන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය.
බඩ ඉරිඟු වගාවට හානි කරන සේනා දළඹුවා මර්දනය සඳහා කෘෂිකර්ම දෙපාර්තමේන්තුව පරපෝෂිතයකු හඳුනාගෙන ඇති බව එම දෙපාර්තමේන්තුව පවසයි.
නැගෙනහිර පළාතේ ගත වූ දින කිහිපයේ පැවැති අධික සීත කාළගුණය හේතුවෙන් ගවයන් මිය යාම සම්බන්ධව පළාත් සත්ව නිෂ්පාදන සහ සෞඛ්‍ය දෙපාර්තමේන්තුවේ දැඩි අවධානය යොමුව තිබේ.