දසවැනි පාර්ලිමේන්තුවේ සමාරම්භක රැස්වීම සඳහා පෙ.ව 9.00 පමණ වන විට පැමිණෙන ලෙස පාර්ලිමේන්තුවේ මහලේකම්වරිය සියලු මන්ත්‍රීවරයන්ට දැනුම් දෙයි.
2024 අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගයට අදාළ දේශන, උපකාරක පන්ති, වැඩමුළු සහ සම්මන්ත්‍රණ පැවැත්වීම අද (19) මධ්‍යම රාත්‍රියෙන් පසු තහනම් වන බව විභාග දෙපාර්තමේන්තුව දැනුම්දී තිබේ. එම උපදෙස් පිළි නොගන්නා පුද්ගලයන්ට එරෙහිව නීතිමය පියවර ගන්නා බව විභාග දෙපාර්තමේන්තුව සඳහන් කරයි.
කෘෂිකර්ම, වාරිමාර්ග, ඉඩම් හා පශූ සම්පත් අමාත්‍යවරයා ලෙස දිවුරුම් දුන් කේ.ඩී. ලාල් කාන්ත මහතා අද(19) බත්තරමුල්ල ගොවි ජන මන්දිරයේ පිහිටි කෘෂිකර්ම අමාත්‍යාංශයේදී නිල වශයෙන් සිය රාජකාරී කටයුතු ආරම්භ කළේය.