ජූනි 08, 2025
tami eng youtube  twitter facebook
    Pravbashini Deshabandu

    Pravbashini Deshabandu

    ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා කෘෂිකර්ම, වෙළෙඳ අමත්යාංශවල සහ වී අලෙවි මණ්ඩලයේ නිලධාරින් පිරිසක් අද (25) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේ දී හමු විය.
    සහල් මිල සහ ඒ සම්බන්ධයෙන් පවතින වර්තමාන තත්ත්වයන් පිළිබඳව මෙහිදී දීර්ඝ ලෙස සාකච්ඡාවට ලක් කෙරුණු අතර ඒ සම්බන්ධව ගත යුතු කඩිනම් ක්රියාමාර්ග පිළිබඳව ජනාධිපතිවරයා නිලධාරීන්ට උපදෙස් දුන්නේය.
    අග්රමාත්ය ලේකම් ප්රදීප් සපුතන්ත්රි, කෘෂිකර්ම, ඉඩම්, පශු සම්පත්, වාරිමාර්ග, ධීවර හා ජලජ සම්පත් අමාත්යාංශයේ ලේකම් එම්.පී.එන්.එම්. වික්රමසිංහ, වෙළෙඳ, වාණිජ, ආහාර සුරක්ෂිතතා, සමූපකාර සංවර්ධන, කර්මාන්ත සහ ව්යවසායකත්ව සංවර්ධන අමාත්යාංශයේ ලේකම් එම්.එම්. නයිමුදීන්, වී අලෙවි මණ්ඩලයේ සභාපති ඒ.එම්.යූ. පින්නලන්ද යන මහත්වරුන් ඇතුළු නිලධාරීහු පිරිසක් මෙම සාකච්ඡාවට එක්ව සිටියහ.
    2024 බෞද්ධ ධර්මාචාරය විභාගයේ උත්තර පත්‍ර පරීක්ෂකවරුන් / ගණිත පරීක්ෂකවරුන් පිළිබඳ තොරතුරු යාවත්කාලීන කිරීම සඳහා අයදුම්පත් මාර්ගගත ක්‍රමයට කැඳවේ
    අයදුම්පත් භාර ගන්නා අවසන් දිනය 2024.11.16
    326
     

    මෙරටට පැමිණි විදෙස් සංචාරකයින්ගේ ආරක්ෂාව සම්බන්ධයෙන් ගත යුතු සියලු ක්‍රියාමාර්ග ගෙන තිබෙන බව මහජන ආරක්ෂක අමාත්‍ය විජිත හේරත් මහතා පවසයි. රටේ වත්මන් තත්ත්වය සම්බන්ධයෙන් පැහැදිලි කිරීම සඳහා මහජන ආරක්ෂක අමාත්‍යංශයේදී අද (24) පැවති විශේෂ මාධ්‍ය හමුවට එක්වෙමින් අමාත්‍යවරයා මේ බව පැවසීය.

    ශ්‍රී ලංකාවේ පිහිටි මාලදිවයින් ජනරජ තානාපති කාර්යාලයේ මහ කොමසාරිස් Masood Imad මහතා ඊයේ (23) ශ්‍රී ජයවර්ධනපුර කෝට්ටේ ආරක්‍ෂක මූලස්ථාන සංකීර්ණයේ පිහිටි ආරක්‍ෂක අමාත්‍යංශයේදී ආරක්‍ෂක ලේකම් එයාර් වයිස් මාර්ෂල් සම්පත් තුයියකොන්තා (විශ්‍රාමික) හමුවිය.

    ආරක්‍ෂක ලේකම්වරයා විසින් තම කාර්යාලය වෙත පැමිණි මාලදිවයින් තානාපතිතුමා ඇතුළු දුත පිරිස ඉතා උණුසුම් අයුරින් පිළිගෙන ඔවුන් සමඟ සුහද කතාබහක ද නිරත විය.

    මෙහිදී දෙරටේ ද්විපාර්ශ්වික සබඳතා සහ සහයෝගීතාව තවදුරටත් ශක්තිමත් කරගැනීම සම්බන්ධයෙන් වැදගත් කරුණු කිහිපයක් සාකච්ඡා කරනු ලැබිය.

    මෙම අවස්ථාවේ වැදගත්කම සනිටුහන් කරමින් දෙපාර්ශ්වයේ රාජ්‍යතාන්ත්‍රික නිලධාරීන් අතර සමරු තිළිණ හුවමාරුවක්ද සිදු කෙරිණ.

    ආරක්‍ෂක අමාත්‍යාංශයේ හමුදා සම්බන්ධතා නිලධාරි එයාර් වයිස් මාර්ෂල් පද්මන් ද කොස්තා සහ මාලදිවයින් මහ කොමසාරිස් කාර්යාලයේ ආරක්‍ෂක උපදේශක කර්නල් Hassan Amir ද මෙම අවස්ථාවට එක්ව සිටියහ.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya