ජූනි 08, 2025
tami eng youtube  twitter facebook
    Pravbashini Deshabandu

    Pravbashini Deshabandu

    රාජ්‍ය සේවකයන්ට ලබන වසරේ සිට  වැටුප් වැඩිවීමක් සිදු කරන බවත් රාජ්‍ය සේවකයන්ට හිඟ රුපියල් 5000 ලබන වසරේ ජනවාරි සිට ලබා දීමට කටයුතු කරන බවත් අමාත්‍ය මණ්ඩලයේ මාධ්‍ය ප්‍රකාශක බුද්ධශාසන, ආගමික සහ සංස්කෘතික කටයුතු, ජාතික ඒකාබද්ධතා, සමාජ ආරක්ෂණ සහ ජනමාධ්‍ය අමාත්‍ය විජිත හේරත් මහතා පවසයි.

    රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ අද(29)  පැවති කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවට එක්වෙමින් අමාත්‍යවරයා මේ බව සඳහන් කළේය.

    වැටුප් වැඩිකරන්නේ කොතරම් ප්‍රමාණයකින්ද යන්න තීරණය කරන්නේ මුදල් තත්ත්වය සමාලෝචනය කිරීමෙන් අනතුරුව බව ද අමාත්‍යවරයා පෙන්වා දුන්නේය.  

    අමාත්‍යවරයා ප්‍රකාශ කළේ පසුගිය ආණ්ඩුවෙන් රාජ්‍ය සේවයේ වැටුප් වැඩි කිරීම සඳහා කිසිදු ආකාරයක මුදල් වෙන් කිරීමක් සිදු කර නොමැති බවයි.

    වැඩිදුරටත් අදහස් දක්වමින් අමාත්‍යවරයා මෙසේ පැවසීය.

    රාජ්‍ය සේවකයන්ට සහ පුද්ගලික අංශයේ සේවකයන්ට වැටුප් වැඩි කිරීමට සහ දීමනා දෙන්න අපි බොහොම කැමතියි. ඒ සම්බන්ධයෙන් කිසිදු පැකිලීමක් නැහැ.  නමුත් භාණ්ඩාගාරයේ තිබෙන මුදල් අනුව තමයි එම තීන්දු තීරණ ගන්න වෙන්නේ. හිටපු ජනාධිපතිවරයා මුදල් අමාත්‍යවරයා වශයෙන් , කැබිනට් මණ්ඩලයට යෝජනා ඉදිරිපත් කර  තීරණයක් අරන් තිබුණා වැටුප් වැඩිකිරීමට. නමුත් වැටුප් වැඩි කිරීමට භාණ්ඩාගාරය සතුව මුදල් තිබෙනවද කියලා හිතුවේ නැහැ. එතුමා ඒ කළ දෙය වැරදියි.

    උදය ආර් සෙනෙවිරත්න මහතාගේ කමිටු වාර්තාව අනුව වැටුප් වැඩිකිරීමට මුදල් වෙන් කර නැති බව  මම ඉතා පැහැදිලිව කියනවා. භාණ්ඩාගාරයේ මුදල් තිබෙනවද, නැත්ද කියන නිරීක්ෂණවත් අරගෙන නැහැ.

    ඒ වගේම තමයි රුපියල් 5000ක දීමනාවක් ලබා දීම.  මේ සම්බන්ධයෙන් 2024 ජනවාරි මාසයේ චක්‍රෙල්ඛයක් නිකුත් කරනවා. රටට කිව්වේ අමූලික බොරුවක්. මේව තමයි බොරු කියන්නේ. හිටපු ජනාධිපතිවරයා මේ රටේ ජනතාව රවට්ටලා.

    අපි කවදාවත් මේ රටේ රාජ්‍ය සේවකයා රවට්ටන්නේ නැහැ. තැපැල් ඡන්දය හෙට අනිද්දා තිබෙනවා. තැපැල් ඡන්දය තියාගෙන අපි ඔබව රවට්ටන්නේ නැහැ.  2025 සිට අපි රාජ්‍ය සේවකයන්ට වැටුප් වැඩිකිරීමක් කරනවා. ඒ සහතිකය ඔබට දෙනවා. නමුත් ඒ කොයිතරම් ප්‍රමාණයකින්ද කියලා කියන එක අමාරුයි යනුවෙන්ද අමාත්‍යවරයා පැවසීය.

    ප්‍රතිසංස්කරණ කටයුතු හේතුවෙන් මාස 10කට ආසන්න කාලසීමාවක් තාවකාලිකව නවතා තිබු කොළඹ කොටුව සිට කන්කසන්තුරය දක්වා ධාවනය වූ යාල්දේවී මගී දුම්රිය අද (28) සිට යළි ධාවනයට එක්කරන බව ප්‍රවාහන හා මහමාර්ග අමාත්‍යාංශය පෙන්වා දෙයි.

    බස්නාහිර, සබරගමුව සහ වයඹ පළාත්වලත් ගාල්ල, මාතර සහ මන්නාරම දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වේ.

    රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ (GMOA) නියෝජිතයින් සහ අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය අතර සාකච්ඡාවක් ඊයේ(24) පස්වරුවේ අග්‍රාමාත්‍ය කාර්යාලයේදී පැවැත්විණි.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya