2022 වර්ෂයේ පැවැත්වූ 05 ශ්‍රේණි ශිෂ්‍යත්ව පරීක්ෂණයේ ප්‍රතිඵල මත 2023 වර්ෂයේ 06 ශ්‍රේණිය සඳහා පාසල්වලට ඇතුළත් වීමේ අභියාචනා ඉදිරිපත් කිරීම මාර්ගගත ව සිදු කිරීම සඳහා අයදුම්පත් කැඳවා තිබේ.
ශ්‍රී ලංකාව සදහා ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ විස්තීර්ණ අරමුදල් පහසුකම යටතේ වූ සැකසුම ක්‍රියාත්මක කිරීම සඳහා වූ යෝජනාව ලබන 26, 27 සහ 28 තෙදින විවාදයට ගැනීමට පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාව අද (20) පෙරවරුවේ තීරණය කළේය.
ශ්‍රී ලංකාවේ රග්බි ක්‍රීඩාවේ අභිවෘද්ධිය වෙනුවෙන් ආසියානු රග්බි සම්මේලනයේ පූර්ණ සහාය ලබා දීමට එකගත්වය හිමි වූ බව ක්‍රීඩා හා යෞවන කටයුතු අමාත්‍ය රොෂාන් රණසිංහ මහතා පැවසීය. ක්‍රීඩා අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළේ ඊයේ (19) දින ඩුබායි හි පිහිටි ආසියානු රග්බි මූලස්ථානයේ දී එහි සභාපති කයිස් අල් දලායි මහතා (Mr.Qais Al Dhalai) හමු වූ අවස්ථාවේදීයි.
බෙල්ලන්විල ඓතිහාසික විහාරස්ථානයේ බිතුසිතුවම් ඇතුළත් ඡායාරූපමය ග්‍රන්ථය මුද්‍රණය කර ජනගත කිරීමේ උත්සවය එළඹෙන අප්‍රේල් 28 දින පැවැත්වෙන බව බෙල්ලන්විල රජමහා විහාරයේ විහාරාධිපති ආචාර්ය බෙල්ලන්විල ධම්මරතන නාහිමි පැවසුවේය.