ශ්‍රී ලංකාවේ ආර්ථිකය ශක්තිමත් කිරිම සඳහා වන ආර්ථික කළමනාකරණ ප්‍රතිපත්තිය ඉදිරි මාසය තුළ සකස් කර අවසන් කරන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අවාධරණය කළේය.
රටපුරා පිහිටි සංචාරක ආකර්ෂණය සහිත දුම්රිය ස්ථාන විධිමත් ලෙස සංවර්ධනය කරමින් ආයෝජන අවස්ථා සඳහා ඉඩ ප්‍රස්ථා විවර කර දීමට පියවර ගත යුතු බව ප්‍රවාහන අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා පැවසීය.
පාසල් පෙළ පොත් සහ නිල ඇඳුම් මැයි මස 15 වන විට බෙදා අවසන් කරන බව අධ්‍යාපන අමාත්‍යංශය නිවේදනයක් නිකුත්කරමින් සඳහන් කරයි.
එළඹෙන 25 හෝ 26 වැනිදා ප්‍රති ත්‍රස්ත පනත් කෙටුම්පත පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන බවත් , පනත පිළිබඳ විවේචන නොකර සංශෝධන සඳහා යෝජනා ඉදිරිපත් කරන්නැයි අධිකරන අමාත්‍ය ආචර්ය විජයදාස රාජපක්ෂ මහතා පැවසීය.