රාජ්‍ය මූල්‍ය කළමනාකරණ සහ ආර්ථික පරිවර්තන පනත් කෙටුම්පත් දෙක ඡන්ද විමසීමකින් තොරව සංශෝධන සහිතව අද (25) පාර්ලිමේන්තුවේදී සම්මත විය.
රටේ මූල්‍ය විනය ශක්තිමත් කිරීම අද යුගයේ අවශ්‍යතාවය වී ඇතැයි ජනමාධ්‍ය රාජ්‍ය අමාත්‍ය ශාන්ත බණ්ඩාර මහතා අද (25) පාර්ලිමේන්තුවේදී පැවසීය.
ආර්ථික පරිවර්තන පනත් කෙටුම්පත සමග, රටේ සමස්ත පරිවර්තනයක් සිදුවිය යුතු බවත් ඒ සඳහා අනපනත් 60කට වැඩි ප්‍රමාණයක් මේ වන විට සම්මත කර ගෙන ඇතැයි මුදල් රාජ්‍ය අමාත්‍ය ශෙහාන් සේමසිංහ මහතා අද (25) පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කළේය.