මාධ්‍ය හැඳුනුම්පත හිමි මාධ්‍යවේදීන්ට, ඉදිරි මැතිවරණවලදී තැපැල් ඡන්දය භාවිතා කිරීමේ අවස්ථාව ලබා දෙන්නැයි මැතිවරණ කොමිෂන් සභාවෙන් ඉල්ලීමක් කරන බව ජනමාධ්‍ය රාජ්‍ය අමාත්‍ය ශාන්ත බණ්ඩාර මහතා අද(24) පාර්ලිමේන්තුවේදී පැවසීය.
පේරාදේණිය රෝහලට මෙම වසරේදී MRI ස්කෑනර් යන්ත්‍රයක් ලබා දෙන බව සෞඛ්‍ය අමාත්‍ය වෛද්‍ය රමේෂ් පතිරණ මහතා අද (24) පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කළේය.
පාසල්වල භෞතික සම්පත් මිලදී ගැනීම සඳහා යොදවන මුදල වැඩි කිරීම සම්බන්ධයෙන් යෝජනා ආසියානු සංවර්ධනව බැංකුව, ලෝක බැංකුව වැනි ආයතනවලට ඉදිරිපත් කරන බවත් ඒ සඳහා ඇස්තමේන්තු සකස්කරමින් සිටින බවත් අධ්‍යාපන අමාත්‍ය ආචාර්ය සුසිල් ප්‍රේම්ජයන්ත් මහතා පැවසීය.