ජූනි 15, 2025
tami eng youtube  twitter facebook
    Pravbashini Deshabandu

    Pravbashini Deshabandu

    මෙරට ප්‍රථම පවුල් සෞඛ්‍ය සේවා නිළධාරිනී පුහුණු පාසල ඊයේ දින (27) සෞඛ්‍ය අමාත්‍යාංශයේ ලේකම් විශේෂඥ වෛද්‍ය පාලිත මහීපාල මහතාගේ ප්‍රධානත්වයෙන් කලුතර ජාතික සෞඛ්‍ය විද්‍යායතනයේ දී විවෘත කෙරිණි. එයට අමතරව දුරස්ථ අධ්‍යාපන ඒකකය ද ලේකම්වරයා අතින් විවෘත විය.

    ඉදිරි මාස කීහිපයේ දී දිවයිනේ ප්‍රමුඛ පාසල් 1,250ක් සුහුරු පාසල් ලෙස සංවර්ධනය කර අධ්‍යාපන අමාත්‍යාංශයේ සිට මෙහෙයවිය හැකි සේ එක ම ජාලයකට ගන්නා බව අධ්‍යාපන අමාත්‍ය ආචාර්ය සුසිල් ප්‍රේමජයන්ත මහතා පැවසී ය. ඒ සඳහා චීන රජයෙන් ඩොලර් මිලියන 20ක ප්‍රදානයක් ලැබෙන බවත් අමාත්‍යවරයා මෙහි දී සඳහන් කළේ ය.

     

    ගාල්ල දිස්ත්‍රික්කයේ හපුගල ජල ටැංකියේ අත්‍යවශ්‍ය නඩත්තු කටයුත්තක් හේතුවෙන් 2024.07.29 වන සඳුදා පෙරවරු 8.00 සිට 2024.0730 අගහරුවාදා පෙරවරු 02.00 දක්වා පැය 18ක කාලයක් ජල සැපයුම්අත්හිටුවීමට සිදු වන බව ජල සම්පාදන හා ජලප්‍රවාහන මණ්ඩලය දැනුම් දෙයි.

    ඒ අනුව බොපේ, පෝදදල,හපුගම,රත්ගම,බූස්ස ප්‍රදේශ වලට ජල සැපයුම අත්හිටුවයි.

    ජල සැපටුම් අත්හිටුවීමෙන් පාරිභෝගිකයන්ට සිදුවන අපහසුතාවය පිළිබඳ මණ්ඩලය කණගාටුව පළකර සිටින අතර ඉතා අරපිරිමැස්මෙන් ජලය පරිභෝජනය කරන ලෙස ජලපවහන මණ්ඩලය දැනුම් දෙයි.

    මැතිවරණ කොමසාරිස් වරයා විසින් ඉල්ලා සිටින ආකාරයට ඉදිරි ජනාධිපතිවරණය සඳහා මුදල් ලබාදීමට මහා භාණ්ඩාගාරය සූදානම් බව මුදල් රාජ්ය අමාත්ය ආචාර්ය රංජිත් සියඹලාපිටිය මහතා පවසයි.
    අමාත්යවරයා සඳහන් කළේ පසුගිය අයවැයෙන් මැතිවරණ කටයුතු සඳහා රුපියල් බිලියන 10 ක මුදලක් වෙන් කළ අතර, මුදල් ප්රවාහ අතර කිසිදු ගැටුමක් නොවන ආකාරයට එම මුදල් නිදහස් කිරීමට තරම් ආර්ථිකය මනා ලෙස කලමණාකරණය කර ඇති බවයි.
    ඒ අනුව මැතිවරණ කොමසාරිස් කාර්යාලය රුපියල් බිලියන 08 කට ආසන්න වියදම් ඇස්තමේන්තුවක් එවා ඇති බවත් , මුද්රණ කටයුතු , ආරක්ෂක කටයුතු , ඉන්ධන ඡන්ද පෙට්ටි සැකසීම ආදී හදිසි ඕනෑම අවශ්යතාවයක් වෙනුවෙන් එම මුදල් නිදහස් කිරීමට මහා භාණ්ඩාගාරය සූදානම් බවයි ඔහු පවසා සිටියේ.
    යම් හෙයකින් ජනාධිපතිවරණයට ඉදිරිපත් වන අපේක්ෂකයින් සංඛ්යාව වැඩි වී ඇස්තමේන්තු ගත වියදම වැඩි වුවහොත් දැනට අවිනිශ්චිත කටයුතු සඳහා මුදලක් ඇති බැවින් ඒ සම්බන්ධයෙන් කිසිදු ගැටලුවක් ඇති නොවන බවද අමාත්යවරයා එහිදී ප්රකාශ කළේ ය.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya